කිලිනොච්චියේ තරුණියක් මරා වැවට දැමූ සැකකරුවන් තුන් මසකට පසු අත්අඩංගුවට…

දිනසේන රතුගමගේ –

මීට මාස තුනකට පමණ ඉහතදී කිළිනොච්චියේ උරුතිරපුරම් ප්‍රදේශයේ තරුණියක් මරා ඇගේ සිරුර කිළිනොච්චිය අම්බාල්කුලම වැවට දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විසින් තරුණයින් දෙදෙනෙකුව ඊයේ (21) අත් අඩංගුවට ගත්තේය.

මේ වසරේ මාර්තු මස 9 වෙනිදා කිළිනොච්චිය අම්බාල්කුලම් වැවේ මසුන්මැරීම පිණිස ගිය ධීවරයින් පිරිසක් කාන්තාවකගේ සෙරෙප්පු යුගලක් හා අත් බෑගයක් වැව් ඉවුරේ තිබෙනු දැක ඒ පිළිබදව විපරම් කළ අවස්ථාවේදී මළ සිරුරක් වැවේ පාවෙමින් තිබෙනු දැක ඒ බව පොලීසියට පවසා තිබුණි.

මියගිය තරුණියගේ මළ සිරුර සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වූයේ ඇයව ඝාතනයට ලක් කොට ඇති බවයි.


ආරුමුගම් තිලකේස්වරී නැමති මෙම තිස් හය හැවිරිදි තරුණිය දූෂණය කොට මරා වැවට දමන ලද බවට ආරංචියක් පැතිර ගිය නමුත් වෛද්‍ය වාර්තාවේදී ඒ බව තහවුරු නොවීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චිය පොලීසිය මේ පිළිබදව සිදු කළ පරීක්ෂණ වලදී සිද්ධියට සම්බන්ධ සැක කටයුතු තරුණයින් දෙදෙනෙකු අත අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version