කිරින්ද ඛණිජවැලි නිධිය ඉන්දීය සමාගමට දෙන්නට අකමැති වූ ඇමති විමල්ට මිනිස්සු හූ කියති…

හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ පිහිටි ඉල්මනයිට් ඛණිජවැලි නිධියක් ලංකා ඛණිජවැලි සමාගම යටතට ගෙන ඉල්මනයිට් කැණීම් කටයුතු කිරීම සඳහා සාකච්ඡාවකට ගිය කර්මාන් අමාත්‍ය විමල් වීරවංශගේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් මෙම ඛණිජවැලි නිධිය ඉන්දීය සමාගමක්  වෙත ලබා දී ඔවුන් සමග ගනුදෙණු කළ යුතු බවට බල කළ පිරිසක් අමාත්‍යවරයාට විරෝධය පා ඔහු පිටව යන විට හූ තැබූහ.

මෙහිදී ස්වේච්ඡා සංවිධානයක් යැයි කියාගත් සංවිධානයක් තමන් නිධිය සොයාගෙන ඉන්දීය සමාගමක් හා ගිවිසුම්ගතව මේ වනවිට එම කර්මාන්තය පවත්වාගෙන යන බවත් සමාගම වරුවක් සඳහා රුපියල් 4000ක් වැසියන්ට ගෙවන බවත් එම සංවිධාන නියෝජිතයෝ කීහ. ඒ නිසා එම සමාගම සමග වැඩ කළ යුතු බව ඔවුහු පැවසූහ.

එහෙත් ඇමතිවරයා ප්‍රශ්න කළේ  රජයේ සම්පතක් රජයේ මැදිහත්වීමකින් තොරව විදේශික සමාගමකට ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුම් ගැසුවේ කෙසේ ද යන්නය. විජාතික සමාගම්වලට මේ රටේ සම්පත් කොල්ලකෑමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා සිටි ඇමතිවරයා වරුවකට පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් හාරදහසක මුදලක් එම සමාගම ගෙවන්නේ මිල කළ නොහැකි සම්පත් ප්‍රමාණයක් හූරාගෙන තම රටට රැගෙන යන අතර තුර බව පෙන්වා දුන්නේය.  තමන් එම කටයුත්තට කිසිසේත් ඉඩ නොදෙන බවත් ඇමතිවරයා පැවසුවේය.


ඒ අවස්ථාවේ තවත් කණ්ඩායමක් ඉදිරිපත් වී මෙම ඛණිජවැලි නිධිය රජයට පවරාගත යුතු බව කියා සිටියේය. මේ අවස්ථාවේ දී ඇමතිවරයා හා ඉන්දීය සමාගම් පාර්ශවය අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව අවසානයේ දී ඇමතිවරයා සාකච්ඡාව අත්හැර නැගට යන්නට ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අවස්ථාවේ දී ඉන්දියානු සමාගමට පක්ෂ පාර්ශවය ඇමතිවරයාට හූ කියනු දක්නට ලැබිණි.

 

Exit mobile version