කෑගල්ල පොලිසියේ කොවිඩ් පැතිරුවා කී සැරයන්ගේ වැඩ තහනම්…

කීර්ති ප්‍රනාන්දු –

කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට ක්‍රියා නොකිරීමේ චෝදනා මත කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ පරිවර්තන අංශයේ සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට කෑගල්ල සහකාර පොලිස් අධිකාරී එච්.ඒ.කමල් පෙරේරා ඊයේ (13) කටයුතු කළේය.

පෙරේදා (12) සිට වහාම ක්‍රියාත්මකවන පරිදි වැඩ තහනම් කරන බව දැන්වූ ලිපිය මේ වනවිට රඹුක්කන කොවිඩ් ප්‍රතාකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගනිමින් සිටින එම පොලිසි සැරයන්වරයා වෙත මාවනැල්ල පොලිසිය මගින් ලැබෙන්නට සලස්වා තිබේ.

වාර්තාවන පරදි සිද්ධිය මෙසේය.


මෙම පොලිස් සැරයන්වරයාගේ දරුවෙක් පුද්ගලික ආයතනයක සේවය කරද්දී කොවිඩ් ආශ්‍රිතයෙක් සේ හඳුනාගෙන ඔහුව නිරෝධායනය කර පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කර තිබේ.

මෙම සැරයන්වරයා ඒ බව පොලිසියේ පරිපාලන අංශ වෙත නොදන්වා දිගටම සේවයට වාර්තා කර ඇත. පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔහුගේ දරුවා කොවිඩ් ආසාදිත බව සනාථ වීමෙන් පසු සැරයන්වරයාගේ නිවසේ සියල්ලන්ම පී,සී.ආර් පරීක්ෂණයට ලක් කර තිබේ. එහි දී හෙළි වී තිබුණේ සැරයන්වරයා ඇතුළු පවුලේ සියල්ලන්ම කොවිඩ් ආසාදිතයන් බවය.

මේ බව වාර්තා වූ පසු සැරයන් වරයාගේ පළමුපෙළ ආශ්‍රිතයන් පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කර ඇත. එහි ප්‍රතිඵල අනුව උසස් නිලධාරියෙක් ඇතුළු කෑගල්ල පොලිසියේ නිලධාරීන් 15 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව කෑගල්ල සහකාර පොලිස් අධිකාරීවරයා ලිඛිතව දන්වා ඇත්තේ පොලිස්පති වරයා විසින් නිකුත් කරන ලද RTM අංක 1130 ට අනුව ක්‍රියා නොකිරීම, අනෙක් නිලධාරීන්ට කොවිඩ් වෛරසය බෝ වීම වැළැක්වීමට කටයුතු නොකිරීම වරදක් බැවින් රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් 2020.11..20 දින නිකුත් කරන ලද අංක 2201/24 දරන ගැසට් නිවේදනය අනුව තමන්ට ලැබුණු බලතල ප්‍රකාරව වහාම ක්‍රියාත්මකවන පරිදි 12 දා සිට වැඩ තහනම් කරන ලද බවය.

Exit mobile version