කෑගල්ලේ පුද්ගලයා සොයා ගත් බව කියන පැණිය දේශීය වෛද්‍ය ක්‍රමයේ සංයෝගයන්ට මුලුමනින්ම පටහැනියි..

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගම කියයි….

නතාෂා නෙත්මිණි  –                                     

කොව්ඩ් වෛරසය විනාශ කිරීම සදහා යැයි පවසමින් කෑගල්ලේ පුද්ගලයා පාරම්පරික වෛද්‍යවරයෙක් නොවන බවත් ඔහු සොයා ගත් පැණිය දේශීය වෛද්‍ය ක්‍රමයේ ඖෂධ සංයෝගයන්ට මුළුමනින්ම පටහැනියැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය   පවසයි.

දේශීය ඖෂධයක් වන මී පැණි රත්කර ඖෂධයක් ලෙස හෝ ආහාරයක් ලෙස ගැනීමෙන් ශරීරයට විස සහිත වන බවත් විද්‍යාත්මක පර්යේෂණයන් මගින් තහවුරු නොකළ දෙයක් ඖෂධයක් ලෙස හෝ ආහාරයක් ලෙස ගැනීමෙන් වැලකී  සිටීම කාලෝචිත යැයිද රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වැඩබලන සභාපති පියරත්න හේවාගමගේ   ජනතාවට දැනුම් දී සිටියි. 

පාරම්පරික වෛද්‍ය වරයෙක් හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් කිසියම් රෝගයක් සුව කිරීම සදහා දේශීය ඖෂධයක් සොයා ගත්තේ නම් ඒ පිලිබදව අප සතුටු වන බවත් එම ඖෂධය සෞඛ්‍යයට හානියක් නොවන බව ට පර්යේෂණ ගණනාවකින් තහවුරු කළ යුතු බවත් වෛද්‍ය හේවාගමගේ පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගැනීමට පුද්ගලයින් 300ට අධික සංඛ්‍යාවක් ඉල්ලුම් කර ඇතත් මොවුන් නිසි සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයන් යැයි   පවසන හේවාගමගේෙ  මොවුන් වැඩි දෙනෙකු ව්‍යාපාරිකයින් හා දේවගැතිවරුන්  බවත්  මොවුන්ට ලියාපදිංචිය ලබා දිම සඳහා ඇතැම් බටහිර වෛද්‍යවරුන් කණ්ඩායමක්ද උත්සාහ කරමින් සිටින බවට තොරතුරු ලැබීම කණගාටුවට කරුණක් බවත් ඔහු පවසයි.

Exit mobile version