කැළණිය සරසවිය පසුගිය 30 සිට වහලා… ජ පුර ගැන තීරණය හෙට

කැලණිය විශ්ව විද්‍යාලයේ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති නමුත් කැලණිය විශ්ව විද්‍යාලය මේ වනවිට වසා ඇති බවත්,  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පවත්වා ගැනීම සම්බන්ධ තීන්දුව ගනු ලබන්නේ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල මත බව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ආරංචිමාර්ග පවසයි.

කැලණිය විශ්විද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ දෙවන වසරේ ශිෂ්‍යාවගේ පියා බ්‍රැන්ඩික්ස් කාර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිතයෙක් වීමනේ පසු මෙම සිසුවියකට රෝගය ආසාදනය වී තිබේ. ඇය 28 දා සරසවියට පැමිණ 30 වැනිදා සරසවි නිවාඩු දීමත් සමග  නිවසට පැමිණ තිබේ. එහෙත් ඇය සරසවිය තුළ ආශ්‍රිය කළ පිරිසක් පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර ඇත. ඇයගෙන්  රෝගය සරසවි සිසුන්ට බෝ වීමේ අවදානම ඉතා අඩු අගයක් ගන්නා බව විශ්වාස කෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජයවර්ධනපුර සරසවියේ මේ වනවිටත් සිසුන් සියයට හැටක් පමණ සිටින බවත් කොවිඩ් ආසාදිත ශිෂ්‍යාව ඇසුරු කළ ආශ්‍රිතයන් 50 දෙනෙකු පී,සී.ආර් පරීක්ෂණවලට ලක් කර ඇති බවත් එම පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසු හෙට සරසවිය පවත්වාගැනීම සම්බන්ධ නිශ්චිත තීන්දුවක් ගන්නා බවත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයී ප්‍රකාශකයෙක් පැවසීය.


 

Exit mobile version