කැස්බෑවුන් 176ක් ඩොල්ෆින් 20ක් හා තල්මසුන් 04ක් මැරිලා… වරාය ඇමති පාර්ලිමේන්තුවේදී කියයි…

Green-sea-turtles

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂ 2021.07.07 දින වනජීවි දෙපාර්තමේන්තුව අවසන් වරට ලබාදුන් වාර්තාව අනුව කැස්බෑවන් 176ක් තල්මසුන් 4ක් ඩොල්ෆින් 20ක් මියගොස් ඇති බව වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

වනජීවී දෙපාර්තමේන්තුව මේ මරණවලට හේතුව සෙවීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් ඒ කටයුතු සිදුවෙමින් පවතින බවත් මරණවලට හේතුව සොයා වාර්තා කරනු ඇති බවත් අමාත්‍යවරයා කීවේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවුණු පරිසර හානිය ගණනය කර එය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා දෙස් විදෙස් සහාය සහිතව විශේෂ වැඩපිළිවෙළක් දියත් වී ඇති බවත් ඇමතිවරයා කීවේය.

මේ වනවිට ධීවර ජනතාව වෙනුවෙන් ධීවර අමාත්‍යාංශය වශයෙන් කොළඹ දිස්ත්‍රික්යේ පවුල් 1470කට රුපියල් මිලියන රුපියල් 7.35ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 8063කට මිලියන 49ක් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 195කට මිලියන 0.975ක් ගෙවීම් කර අවසන් කර ඇති බවත් පැවසුවේය.

මේ වනවිට අන්තර් වන්දි මුදලක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 3.76ක් හෙවත් රුපියල් මිලියන 720ක් ලැබී ඇතැයි ද ඇමතිවරයා කීවේය. ඒ මුදලින් මේ වනවිට ධීවරයන් ඉල්ලා ඇති මුදලට වඩා රුපියල් මිලියන 420ක් ඔවුන් වෙනුවෙන් වෙන් කර ඇති බවත් ඇමතිවරයා කීවේය.

Exit mobile version