“කැලණිතිස්ස පණ ගැන්වීමට ඉන්ධන දුන්නා…“ ඛණිජතෙල් සභාපති කියයි!

දැනට ඩීසල් හා නැප්තා  නොමැතිවීම හේතුවෙන්  නැවතී ඇති කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍ර දෙක සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට කණිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇතැයි එහි සභාපති සුමිත් විජේසිංහ මාධ්‍යය වෙත ප්‍රකාශ කර තිබේ.

නොරොච්චෝලේ ජනන යන්ත්‍රය පද්ධතියට එක් වීම අපේක්ෂා කරන  ලබන 22 දා තෙක් ඉන්ධන මෙට්‍රික් ටොන් දහසක් මෙම ජනන යන්ත්‍ර සඳහා ලබා දීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව එකඟ වී ඇතැයි හිරු පුවත් සේවය වාර්තා කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ජනන යන්ත්‍ර දෙක අක්‍රීය වීම නිසා ඊයේ රාත්‍රියේ සිට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවෝට් 280ක් අහිමි විය. කෙසේ වෙතත් සපුගස්කන්ද බලාගාරය අක්‍රීයවීම පිලිබඳ අවදානම එසේම පවතින බව වාර්තා වේ.


Exit mobile version