කැබිනට් රැස්වීමත් ඔන්ලයින් යයි

කොරෝනා වසංගතය මෙරට පැතිරීමත් සමඟ ඇතිවූ තත්ත්වයන් මත ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අද (30) අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වා තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව මෙම කැබිනට් රැස්වීම ඔන්ලයින් පැවැත්විණ.


ජනාධිපති කාර්‍යාලයේ සිට ජනාධිපතිවරයා ඊට සහභාගි විය.

විජේරාම අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් හමුවට සම්බන්ධ විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කැබිනට් අමාත්‍යවරු සිය නිවසේ හෝ කාර්යාල පරිශ්‍රයන් හි සිට කැබිනට් හමුව සඳහා සහභාගි වූ අතර එය සාර්ථතකව පැවති බව ජනාධිපති කාර්‍යාලය පැවසීය.

 

Exit mobile version