කැබිනට් මණ්ඩලය 18යි… ඉතිරි 14 දෙනා අද දිවුරුම් දෙයි?!

කැබිනට් මණ්ඩලයේ  ඉතිරි ඇමතිවරු 14 දෙනා  අද පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

18 දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි පැවසෙන මෙම කැබිනට් මණ්ඩලයට පොදු ජන පෙරමුණේ,  සමගි ජන බලවේගයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ස්වාධීන වූ පක්ෂ 10  කණ්ඩායමේ සමාජිකයින්ගෙන් සමන්විත වනු ඇතැයි එම ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම අමාත්‍ය ධුර 18ට අමතරව රාජ්‍ය අමාත්‍යවරු 18 දෙනෙක් ද දිවුරුම් දෙනු ඇතැයි පැවසේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට මහාචාර්ය ජි එල් පිරිස් ,දිනේෂ් ගුණවර්ධන ,ප්‍රසන්න රණතුංග සහ කාංචන විජේසේකර කැබිනට් ඇමතිවරු සේ  දිවුරුම් දී සිටිති.

Exit mobile version