කැබිනට් එකට යළිත් වංගුවක්… යුගදනවි දෙන්න ඇමරිකන් සමාගම සමග අදත් ගිවිසුමක්… වෘත්තීය සමිති වර්ජන සැලසුමක!

කැබිනට් මණ්ඩලයටත් නොදන්වා  අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ මෙරට විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අද (12) තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සමාජික රන්ජන් ජයලාල් පවසයි.

මීට පෙර අත්සන් කළ ගිවිසුමේ දිගුවක් ලෙස මෙම ගිවිසුම අත්සන් කරන බවත් ඒ සඳහා නිව් ෆෝට්‍රස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා මෙරටට පැමිණීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මාධ්‍යයට පැවසුවේ කැබිනට් මණ්ඩලයට නොදන්වා ගහන මෙම ගිවිසුම සම්බන්ධව කැබිනට් ඇමතිවරුන්  තමන්ට කියන බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාළ ගිවිසුම පිළිබඳ රටට හෙළිදරව් නොකරන්නේනම් දැවැන්ත වෘත්තීය සමිති අරගලයක නිරතවන  බව ද  එම අරගලය අදම නිවේදනය කරන බව ද ඔහු පැවසීය

Exit mobile version