කැබිනට් අනුමැතියෙන් සිපෙටිකෝ අලෙවිසල් IOC ඇතුළු විදෙස් සමාගම් වලට…

සිපෙටිකෝ ජාතික ඒකාධිකාරිය බිඳ දමයි... IOC ඇතුළු විදේශ සමාගම් සඳහා ඉන්ධන ගෙන්වීම සහ සිල්ලර වෙළඳාමට කැබිනට් අනුමැතිය...

ඉන්ධන ආනයනය සහ සිල්ලර විකුණුම් වෙළෙඳපොළ  තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට  විවෘත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව   විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

අදාළ සැපයුම්කරුවන් තෝරාගනු ලබන්නේ ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව මත සහ මෙහෙයුම්වල පළමු මාස කිහිපය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ බැංකු වෙතින් විදේශ විනිමය අවශ්‍යතා නොමැතිව ක්‍රියාත්මකවීමේ පදනම මත  බව ද එහි දැක්වේ.

සමාගම්වලින් අය කරන සේවා ගාස්තුවක් සමඟ සැපයුම්, තොග සහ බෙදා හැරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව සේවා සපයන්නා වන අතර දැනට සිපෙට්කෝ සතුව පවතින පරවුම්හල් 1190න්   තෝරාගත් අලෙවිසැල් සහ නව අලෙවිසැල් ලංකා IOC සහ තෝරාගත් නව සමාගම් සඳහා ලබාදීමට යෝජනාවී  තිබේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඛනිජ තෙල් සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරන  බවත් ඇමතිවරයා දන්වයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

Exit mobile version