කැබිනට් අනුමැතියත් ගත්තු විමල්ලා ගේ  “ඉල්මනයිට් ඩොලර් කෙළිය“ විගණනයෙන් හෙළි වෙයි!

ලලිත් චාමින්ද –

ලංකා ඛණිජවැලි සමාගම  විසින් ඉල්මනයිට් මෙට්‍රික්ටොන් 85000ක් විකිණිමේ ටෙන්ඩරය   ඉහළම මිල ඉදිරිපත් කළ ලංසුකරුට  ප්‍රදානය  නොකොට  තෙවන මිල ඉදිරිපත් කළ ලංසුකරුට ප්‍රදානය කිරිම නිසා  ඇමරිකානු ඩොලර්  1,547,000ක පාඩුවක්  ඛණිජවැලි සමාගමට සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන  වාර්තාවක සදහන් වේ.

පසුගිය වර්ෂයේ මුල්‍ය වාර්තා ඉදිරිපත් කළයුතු වුවද  එම වාර්තා ඉදිරිපත්කොට  නොතිබියදිත්  ඉල්මනයිට් මෙට්‍රික්ටොන් 01කට  ඇමරිකානු  ඩොලර් 147කට  එකඟවු  ලංසුකරුට ටෙන්ඩරය ප්‍රදානය කොට තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

ඉල්මනයිට් මෙට්‍රික්ටොන් 85000ක ටෙන්ඩරය සඳහා  ලංසු 04ක් ලැබි තිබුණි.  ඉල්මනයිට් මෙට්‍රික්ටොන් 01කට  ඇමරිකානු ඩොලර් 165.20ක ඉහළම මිල ලංසුව ඉදිරිපත් කළ ලංසුකරුගේ මිල ලංසුව  නිසි වගකිමකට බැදුණු  ලංසු සුරක්ෂණයක්  නොවන බව දක්වමින් ප්‍රතික්ෂේපකොට තිබුණි. එමෙන්ම ඇමරිකානු ඩොලර් 163 ඉදිරිපත් කළ දෙවන මිල ලංසුව  ඉල්මනයිට් මොට්‍රික්ටොන් 5000ක් සඳහා  පමණක් බව දක්වමින්  ප්‍රතික්ෂේපකොට තිබුණි.


ඇමරිකානු ඩොලර් 147 බැගින්  මෙට්‍රික්ටොන් 85000ක්  දින 130ක් ඇතුළත නිදහස් කිරිමට එකඟව තෙවන ලංසුකරුට  2020 ඔක්තෝබර් මස 28 වැනිදින  ඉල්මනයිට් විකිණිමේ ටෙන්ඩරය  ප්‍රදානය කොට තිබුණි. 

එහෙත්  ඉල්මනයිට් මෙට්‍රික්ටොන් 25000කට ඇමරිකානු  ඩොලර් 3 675 000ක් ගෙවා 2020 වර්ෂයේ අවසානයට  නිදහස්කරගෙන   ඇත්තේ  ඉල්මනයිට් මෙට්‍රික්ටොන්  5 032.86කි. 

එමෙන්ම 2021 වර්ෂයේ  මාර්තු මාසය අවසන්වනවිට  තවත් ඇමරිකානු ඩොලර් 2 940 000 ක ගෙවා  ඉල්මනයිට්  මෙට්‍රික්ටොන් 30000ක් පමණ ප්‍රමාණයක් ඉවත්කරගෙන ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ. ඇමරිකානු ඩොලර්  5 880 000 ක්වූ ඉතිරි මුදල 2021 මාර්තුමස  අවසන්වන තෙක් ගෙවා නොතිබු බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ. 

කෙසේවුවද මේ සම්බන්ධව  කළමණාකාරිත්වයේ අදහස් දැක්විමේ දි සඳහන් කොට ඇත්තේ  අධ්‍යක්ෂක මණ්ඩලයේ හා කැබිනට් අනුමැතියෙන්  ඇමරිකානු ඩොලර් 147කට එකඟව ලංසුකරුට ටෙන්ඩරය  ප්‍රදානය කරඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උපරිම තරගකාරිත්වයක් තුළින් ඉහළ මිලක් ලබාගැනිමට කටයුතු කළයුතු අතරම ආයතනයට වාසිදායක  වන පරිදි තිරණ  ගතයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

 

Exit mobile version