කැනඩාවේ පිහිටි වික්ටෝරියා රැජිනගේ සහ එළිසබෙත් රැජිනගේ ප්‍රතිමා බිමට පෙරලා දමයි

කැනඩාවේ විනිපෙග් හි පිහිටි බි්‍රතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ සහ දෙවන එළිසබෙත් රැජිනගේ ප්‍රතිමා එරට අදිවාසී ජනතාව ඊයේ (01) බිමට පෙරලා දමා තිබේ.

බි්‍රතාන්‍ය යටතේ පාලනය වූ සමයේදී කැනඩාවෙ ආදිවාසී ජනතාවට සිදුවූ බරපතල අසාධාරණකම් වලට විරෝධය පළකිරීමක් වශයෙන් මෙම ප්‍රතිමා පෙරලා දැමීම සිදුකර තිබේ.

එම සමයේදී අදිවාසී දරුවන් බලහත්කාරයේ දෙමාපියන්ගෙන් වෙන් කර පාල්ලි මඟින් පාලනය වූ ආගමික පාසල්වල නේවාසිකව අධ්‍යාපනයේ යොදවීම සිදු කෙරිනි.


එහිදී දරුවන්ට සිදුවූ අකටයුතු කම් සහ ඝාතනයට ලක්වීමට විරෝධය පළකිරීමට මෙම විරෝධතා සංවිධානය කර තිබිණි.

විරෝධතාකරුවන් තැඹිලි පැහැති කමිස පැළඳගෙන ඊට එක්ව ඇත. “අපිත් දරුවන්ව සිටියා ඒ දරුවන්ට යලිත් ගෙදරට යන්න ඉඩ දෙන්න” යනුවෙන් සටන්පාඨ කියමින් විරෝධතාකරුවන්ට සිය විරෝධාව පළකර තිබිණි.

මෙම පාසල් ක්‍රමය 1831 සිට 1996 දක්වාවූ මෑත කාලයක් දක්වා ක්‍රියාත්මක විය. එහිදී අදිවාසී දරුවන්නට ඉතා අමානුෂික වදහිංසාවන්ට මුහුණ දීමට සිදුවීය.

එසේම බොහොමයක් දරුවන්ට ඉතා අවාසනාවන්ත ලෙස මරණයටද පත්විය. මේ ගැන යලිත් කරලියට පැමිණයේ ඉකුත් මැයි මාසයේ බි්‍රටිෂ් කොලොම්බියා හී පැරණි ආගමික පාසලකින් දරුවන් 215 සිරුරු හමුවීමත් සමඟයි.

එම සිදුවීමෙන් පසු තවත් සිරුරු දහසකට ආසන්න සංඛ්‍යාවක් විවිධ ස්ථාන වලින් සොයා ගැනීමට හැකිවිය. මේත් සමඟම කැනඩාවේ පල්ලි 10කට හානි සිදුකර තිබේ.

බොහොමයක් පල්ලිවල බිත්ත මත රතු තීන්ත අලේප කර ඇති අතර ඇතැම් ස්ථාන වල රතු තීන්ත වල අත්ල බහා ඒවායේ සටහන් බිත්ති මත තැබීම්ද වාර්තා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ආගමික පාසල්වල නිර්මාතෘ ලෙස සලකන හුගොනාඩ් පියතුමාගේ ප්‍රතිමාවද විරෝධතාකරුවන් විසින් පෙරලා දැමීය.

Exit mobile version