කැනඩාවේ ඝාතනය සිදුකර ඇත්තේ වෙඩි තැබීමකින් නොවේ….

අමායා උඩුවැරැල්ල

කැනඩාවේ ඔටාවා අගනුවර දී මවක් සහ කුඩා දරුවන් හතර දෙනෙකු ඇතුළු ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 6 දෙනෙකු  ඝාතනය කර ඇත්තේ දාර සහිත ආයුධයක් යොදා ගෙන බවට එරට පොලිසිය පවසනවා.

මුලින්ම පොලිසිය විසින් ප්‍රකාශ කර තිබුනේ මෙය වෙඩි තැබීමක් බවයි. මියගිය සියලුදෙනාම කැනඩාවට අලුතින් පැමිණි අය බව ද සඳහන් වනවා.


මියගිය පුද්ගලයන් වන්නේ 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක (මව), හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, සිව් හැවිරිදි දියණිය අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි දියණිය රින්යානා වික්‍රමසිංහ, මාස දෙකක දියණිය කෙලී වික්‍රමසිංහ සහ පවුලේ මිතුරෙකු බවට සඳහන් වන ගාමිණී අමරකෝන් නම් අයෙක්. මියගිය දර්ශනී ඒකනායක ගේ සැමියා වන ධනුෂ්ක වික්‍රමසිංහ තුවාල සහිතව රෝහල් ගත කර තිබෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ශ්‍රී ලාංකික 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති ශිෂ්‍යයෙකු ට යි. ඔහු එම පවුල හඳුනන අයෙකු බවත් ඝාතනය සිදුවන අවස්ථාව එම නිවසේ සිට ඇති බවත් එරට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඔටාවා නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් සිටියදී  ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වනවා.

Exit mobile version