කැටවලපිටියේ සම්පත් පොලිස් වෙඩි කා මැරෙන්නේ ඇයි?

රන්කොත් පේඩිගේ සංජීව සම්පත්ය හෙවත් කැටවලපිටියේ සම්පත්

මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම සහ කුළී ඝාතන මෙහෙයවමින් බන්ධනාගතව සිටින  ගණේමුල්ලේ සංජීව නැමැති පාතාල මැරයාගේ කල්ලියේ වෙඩික්කරුවෙක් බවට පොලීසිය හඳුනාගෙන සිටි බව කී පාතාලයේ අපරාධකරුවෙක් ගම්පහ මල්වතුහිරිපිටියේදී පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව අද  (26) මරුමුවට පත් වූ බව පොලිසිය කීවේය.

පොලිසියට අනුව ඔහු කැටවලපිටියේ සම්පත් නමින් ප්‍රකටව සිටි කුළි ඝාතකයෙක්  ලෙස   පොලීසිය විසින් හඳුනාගෙන ඇත.  මීපිටිය එල්ලක්කල පදිංචිව සිට මේ තැනැත්තා නමින් රන්කොත් පේඩිගේ සංජීව සම්පත්ය. විසි පස් හැවිරිදිය.

මරණය සිදු වූ ස්ථානය

ඝාතනය වූ අයුරු


මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මල්වතුහිරිපිටිය පොලිස් වසමට අයත් පුවක්පිටිය ප්‍රදේශයේ යම් ස්ථානයක අද  (26) අලුයම ක්ෂණික මාර්ගබාධකයක් යොදා රථවාහන පරීක්ෂාවක් කළ බව පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි.

අළුයම 5.30 ට පමණ එම මාර්ග බාධකය පසුකර පොලිස් අණ නොතකා ස්කූටි වර්ගයේ යතුරුපැදියක් අධික වේගයෙන් ධාවනය කර ඇති බවත් එම යතුරුපැදිය පසුපස පොලිසිය ලුහුබඳින විට ස්කූටිය පදිමින් සිටි යතුරුපැදිකරු පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති බවත් පොලිස් මාධ්‍ය අංශය දක්වයි.

වේගයෙන් පලා ගිය ස්කූටි වර්ගයේ යතුරු පැදිය

එහිදී පොලීසිය එල්ලකළ ප්‍රතිප්‍රහාරයකින් සැකකරු තුවාල ලබා අලුයම 5.50 පමණ වන විට  මල්වතුහිරිපිටිය ප්‍රාෙද්ශිය රෝහලට ඇතුළත් කර ඇති බවත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බවත් පොලිස් මාධ්‍ය අංශ නිවේදනයේ දැක්වේ.

පොලිස් වාර්තාවලට අනුව පොලිස් වෙඩි ප්‍රහාරවලින් මිය ගිය තැනැත්තා සතුව    නිලධාරීන් දෙසට වෙඩි තැබූ රිවෝල්වරයද හමුවී තිබේ.  ඔහු පැදගිය යතුරුපැදිය දැන් පොලිස් භාරයට ගෙන ඇත.

අපරාධකරු කවුද?

අපරාධකරු පොලිසියට වෙඩි තැබූ බව කී පිස්තෝලය

පොලිිසිය කියන පරිදි 2018 වසරේ අගෝස්තු 28 වෙනිදා මහර අධිකරණයේ විභාගවන නඩුවකට පෙනී සිට සිය නිවස වෙත ගමන් කරමින් සිටි තිස්පස් වියැති කාන්තාවකට කඩවත රන්මුතුගල ප්‍ර දේශයේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ  කැටවලපිටියේ සම්පත්ය.

ඒ සම්බන්ධයෙන් ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිට මේ වන විට සිට ඇත්තේ ඇපමතය.  ගනේමුල්ලේ සංජීවගේ ලබාගත් කොන්ත්‍රාත්තුවකට අනුව ඔහුව යොදවා එම ඝාතනය සිදුකර ඇති  බව එ  පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබිණි.

මේ ඝාතනය එකල සමාජයේ බොහෝ කථිකාවට ලක් වූ එකකි. වෙඩි කා මිය ගිය කාන්තාවගේ   සැමියාද වෙඩි ප්‍රහාරයකට ලක්ව ඊට ටික කලකට ඉහතදී ඝාතනය වූයේය. ඔහු ධනවත් පුද්ගලයෙකි. මේ කාන්තාවගේ සැමියා ඝාතනය වී තිබුණේ ඇය විසින්  ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව බව පොලිසිය හෙලි කරගත්තේය.

ඇයව ඝාතනය වන්නේ බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටිය දීය. එම ඝාතනයට සැකකරුවෙක් ලෙස පොලිස් අත්අඩංගුවට ගත් කැටවලපිටියේ සම්පත් පොලීසියට සඳහන්කර තිබුනේ ගනේමුල්ලේ සංජීව තමාට ඒ වෙනුවෙන් මුදල්  ලබාදුන් බවය.

කැටවල පිටිය සම්පත් ඝාතනය වන්නේ ඇයි?

තවම ඒ සම්බන්ධ නිශ්චිත හේතුවක් පොලිසිය පාර්ශවයෙන් ප්‍රකාශ වී නැත. නීති අංශ කියන්නේ  පොලිසිය ඉදිරිපත් කරන පෙළ ගැස්ම හුරු පුරුදු ආකෘතියක් සහිත ඉතාම දුර්වල එකක් බවය. මේ පුද්ගලයා ඇප පිට සිටින සැකකරුවෙක් මිස තවමත් අධිකරණය ඉදිරියේ චූදිතයෙක් නොවන බවත්,  පැරණි අපරාධය මිස  විශේෂ බාධක යොදා අත්අංගුවට ගැනීමට තරම් වැදගත්  චෝදනා පොලිසිය විසින්  සිය මාධ්‍ය නිවේදනයේවත් ගොනු කර   නැති බවත්, ඔවුහු පෙන්වා දෙති.

මේ අතර පොලිසියේම සමහර ආරංචිමාර්ග පවසන්නේ ඉහළම තනතුරකට යෑම සඳහා වියරුවෙන් දඟලන බස්නාහිර පළාතේ පොලිස් ලොක්කෙකුගේ  ලකුණු සඳහා  මේ ඝාතනය සිදු වී ඇති දැයි සැකයක් ඇතිවන බවය.

.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් මාධය ප්‍රකාශය

Exit mobile version