කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට… මුලින්ම පන්දුවට පහරදීම තෝරති…

රෂීඩ් ඛාන් කැඳවයි... කසුන් රාජිත වෙනුවට ලහිරු කුමාරට අවස්ථාවක්....

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින  තරගාවලියේ තරගාවලි ජයග්‍රහණය තීරණය කරන තුන්වැනි සහ අවසන් තීරණාත්මක තරගය සූරියාවැව  ක්‍රීඩාංගනයේ දී අද  උදේ 10ට  ආරම්භ වේ.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණඩායම මුලින්ම පන්දුවට පහරදීම තෝරාගෙන ඇත.

විශේෂත්වය වන්නේ මුල් තරග දෙකට ක්‍රීඩා නොකළ ඇෆ්ගනිස්ථාන සුපිරි දඟ පන්දු යවන්නාවන රෂීඩ් ඛාන් මෙම තරගයට ක්‍රීඩා කිරීමය. ඔහු කණ්ඩායමට එක් වී ඇත්තේ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය කණ්ඩායමේ ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත වෙනුවට ලහිරු කුමාර කැඳවා තිබිමය. මව් රටේ දී තරගාවලි පරජයකින් බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සිය උපරිමය කරනු ඇති බවට ක්‍රීඩා ලෝලීහු අපේක්ෂා කරති.


Exit mobile version