කාශ්මීර ශීත කාලය උණුසුම් කරන ඉරානයේ ‘හරිස්සා’

කාශ්මීරයේ ශීත කාලය අතරතුරේ මින් පෙර භාවිතා කළ සාම්ප්‍රදායික වියළි එළවළු වෙනුවට ඉරානයෙන් ආනයනය කරන ලද ‘හරිස්සා’ නැමැති ආහාරය භාවිතා කිරීමට ජනතාව පෙළඹී ඇති බව වාර්තාවක් උපුටා දක්වමින් ඒ එන් අයි පුවත් සේවය වාර්තා කරයි.

ඉරානයේ ‘හලීම් ලෙසින් ප්‍රසිද්ධ වූ මේ ආහාර කාශ්මීර්වලදී ‘හරිස්සා’ එසේත් නැත්නම් ‘හරිස්සා සෆාරානි’ ලෙසින් ජනප්‍රිය වී තිබේ. ශත වර්ෂ ගණනාවක් ඉරානයේ ඉතා ජනප්‍රිය වූ මේ ආහාරය මේ වන විට කාශ්මීරය පුරාත් ඉමහත් ජනප්‍රියත්වයක් ලබාගෙන ඇති අතර සෑම හරිස්සා සාප්පුවකම උදෑසන 7 වන විට සෙනඟින් පිරී ඉතිරී යන බව වාර්තාවේ සඳහන්ය.

‘හරිස්සා කියන්නේ ශීත කාලේදී සිරුරේ උෂ්ණත්වය රැකගන්න සමත් ආහාරයක්.. එයට එකතු කරන දේවල්වලින් තද ශීත කාලේදී සිරුරේ උෂ්ණත්වය ඉහළ නංවලා උණුසුම්ව ඉන්න උදව් කරනවා..” එම වාර්තාව පවසයි.


හරිස්සා සකස් කිරීම සඳහා විශාල මහන්සියක් දැරිය යුතු අතර ඒ සඳහා හැකියාව හා අත්දැකීම් සහිත පුද්ගලයින් සිටිය යුතුය. හරිස්සා නිවැරදිව හා රසවත්ව සකස් කළ හැක්කේ එවිටය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“එය ඉතාමත් රසවත් වගේම සිරුර උණුසුම්ව තියා ගන්න සමත් ආහාරයක්.. මේ වෙද්දී හැම නිවසකම අඩු වැඩි වශයෙන් හරිස්සා තියෙනවා..” වාර්තාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version