කාශ්මීරයේ නිදහසේ ආරක්ෂාකාරීව තිබෙන බව ඇමරිකානු ව්‍යවසාය ආයතනයක් පවසයි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජම්මු කාශ්මිරයේ මෑතකදී පැවැත්වුණු ජී20 සමුළුව හේතුවෙන් විදේශීය නියෝජිතයින්ට ඒහි සිදුව ඇති වෙනස්කම් සියැසින් දැක බලා ගැනීමට අවස්ථාව සැලසුණු බව ඉතාලිය මූලික කර ගත් ප්‍රවාත්තී වෙබ් අඩවියක් වන ‘ඉන්සයිඩ් ඕවර්‘ හි ෆෙඩෙරිකො ගියුලියානි සඳහන් කර තිබේ.
දින තුනක කාලයක් ශ්‍රී නගර් හි පැවැති සමුළුවෙන් පසුව විවිධ විදෙස් නියෝජිතයන් නගරයේ සංචාරයක නියැලුණහ.
2022 දී කාශ්මීරයට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 18.4ක් ලෙස සටහන් වූ බවත් එය දශකයකට පමණ පසුව සටහන් වූ වැඩිම සංචාරකයින් සංඛයාව බවත් එම වෙබ් අඩවිය වාර්තා කර ඇත. එම සංචාරකයින් අතර විදෙස් සංචාරකයින් 20000ක් පමණ සිට ඇති බවත් මේ වන විට බොහෝ දුරට හමුදාවෙන් නිදහස් වී ඇති කලාපය සාමාන්‍යකරණය වෙමින් පවතින බවත් මෙමඟින් පෙන්නුම් කරන බව එහි සඳහන් ය.
මේ අතර ඉන්සයිඩ් ඕවර් වෙබ් අඩවියට අදහස් දැක් වූ වොෂින්ටනය මූළික කර ගත් ඇමරිකානු ව්‍යවසාය ආයතනයක ජ්‍යෙෂ්ඨයෙකු වන මයිකල් රුබින් පවසා ඇත්තේ ඉන්දියාව මඟින් පාලනය කරනු ලබන කාශ්මීරයේ සුබවාදී හා වර්ධනයේ විශ්වාසය ඔහු අත්දැක ඇති බවයි. ඔහු ඉන්දියාව මඟින් පාලනය කරනු ලබන කාශ්මීරයේ හා පාකිස්ථානය මඟින් පාලනය කරනු ලබන කාශ්මීරයේද සංචාරය කොට ඇත.
“පාකිස්ථානය මඟින් පාලනය වෙනු ලබන කාශ්මීර සීමාව අස්ථාවර ආර්ථිකයෙන් පීඩා විඳින අතර ජමාත් ඊ ඉස්ලාම් ත්‍රස්තවාදයට යටත්ව ඇත.. එහෙත් ඉන්දියාව මඟින් පාලනය වන සීමාව ආරක්ෂාකාරීව, නිදහස භුක්ති විඳිමින් හා දියුණු වෙමින් පවතී..” ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Exit mobile version