කාලගුණ කැළඹිල්ල අද විදුලි පාරිභෝගිකයන් අසූ දහසක් අපහසුතාවයට පත් කරලා….

Power-Supply

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇදහැලෙන වර්ෂාවත් සමග ඇති වී තිබෙන තද සුළං හේතුවෙන් විදුලි රැහැන් පද්ධති මතට ගස් කඩා වැටීම නිසා පාරිභෝගිකයන් අසූ දහසකට පමණ විදුලිය බිඳවැටීම්වල දුෂ්කරතා ඇත්විඳින්නට වූ බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේය.

ගස් කඩා වැටීමෙන් විදුලි රැහැන් පද්ධති හා විදුලි කණුවලට ද හානි සිදු වී ඇතැයි ද දඹුල්ල, කුරුණෑගල , රත්නපුර, කෑගල්ල, හොරණ, ඉංගිරිය, බලන්ගොඩ, කුලියාපිටිය, ප්‍රදේශවල ජනතාවට විදුලි සැපයුම් අවහිර වීමෙන් බරපතල දුෂ්කරතා රැසකට මුහුණ දෙන්නට සිදුවී ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
දැඩි කාලගුණික අපහසුතා මධ්‍යයේ විදුලි රැහැන් යථා තත්වයට පත් කීරීමේ කටයුතු කරමින් යන බවද ඔහු කීවේය.

මේ අතර රත්නපුර, කුරුණෑගල, බන්ගොඩ, දඹුල්ල ප්‍රදේශතුළ ඇතැම් ගම්මානවලට අද අළුයම් කාලයේ පටන් විදුලිය ඇණහිට තිබී ඇත.

Exit mobile version