කාලගුණයයෙන් රතු නිවේදනයක් – මුහුදු යන්නේ පරිස්සමෙන්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය අද (10) මධ්‍යහන 12.00 සිට හෙට (11) මධ්‍යහන 12.00 තෙක් වලංගු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයපැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද උදේ 08.30 වන විට 8.80N සහ 88.90E ආසන්නයේ කේන්ද්‍රගත වී පැවතුණි.

එය අද සවස් කාලයේදී සුළි කුණාටුවක් දක්වාත්, ඉන්පසු හෙට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.


එය බංග්ලාදේශ සම මියන්මාර වෙරළ තීරය වෙත ළඟ වෙනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දැනට ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම් දී තිබේ.

Exit mobile version