කාබනික තෝම්බුවෙන් ගෙන්වන “නැනෝ නයිට්‍රිජන්“ රසායනික දියරයක්… විද්වත්හු කියති!

අඟහරුවාදා ගුජරාටියේ සිට මෙරටට ගෙන්වනු බලන බව කියන “ද්‍රවමය නැනෝ නයිට්‍රිජන්“හි අන්තර්ගතය  අනුව එය රසායනික දියරයක් බවට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රමාණික විද්වතුන්ට කරුණු අනාවරණය වෙමින් තිබේ.

ඉන්දියාවේ ගුජරාට්වල පිහිටා ඇති ඉන්දියානු ගොවීන්ගේ පොහොර නිශ්පාදන සමාගමට (IFFCO)   අනුබද්ධ නැනෝ තාක්ෂණ සංවර්ධන ආයතනය  විසින් නැනෝ තාක්ෂණයෙන් වැඩි දියුණු කළ නයිට්‍රිජන් දියර පොහොර වර්ග දෙක වූ නැනෝ යූරියා රසායනික දියර පොහොර සහ නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලෙස නම් දෙකකින් හඳුන්වා වෙළෙඳපලට නිකුත් කර ඇත්තේ  එකම අන්තර්ගතයක් සහිත දියරයක් බව ඔහුවු පවසති.

මෙම නිෂ්පාදනයේ දියර නයිට්‍රිජන් සමග යූරියා 4% ක ප්‍රමාණයක් අඩංගුව ඇති බවත්   ඉන්දියානු ගොවීන් වගාවේ  දී මෙම නිෂ්පාදනය   ක්ෂේත්‍රයට යොදාගනු ලබන්නේ නයිට්‍රිජන් පොස්පරස් පොටෑසියම් (NPK) පෝෂකයන් 50% ක් යෙදීමෙන් අනතුරුව බවත් ඔවුන් අනාවරණය කරති.


මෙම නිශ්පාදනය ඉතා ඉහළ ප්‍රමිතියක් සහිත නිශ්පාදනයක් බව එම වෙබ් අඩවියේ සඳහන් වේ. ගැටලුව වන්නේ රටට රසායනික පොහොර ගෙන්වීම තහනම් කර තිබෙද්දී කාබනික පොහොර ලෙස නම් කරමින් රසායනික පොහොර වර්ග ගෙන්වීම බවත් රජය මේ තරම් දැඩි තීන්දු ගෙන උත්සාහ කරන්නේ කාබනික ගොවිතැන කිරීමට නම් මේ ප්‍රවේශය නිවැරදි නොවන බවත් ඔවුහු පෙන්වා දෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අතාර්කික   දැඩි තීන්දු ඉවත් කර තමනුත් තමන් රවට්ටා ගන්නා අතර රටත් රවටන්නට උත්සාහ නොකර    ක්ෂේත්‍රයේ විද්වතුන් මෙන්ම පළපුරුදු ගොවීන්ද ඉල්ලා සිටි අඩක් කාබනික අඩක් රසායනික ප්‍රවේශයක් සහිත ප්‍රායෝගික ගොවිතැනකට ගමන් කර අවශ්‍යනම් නිශ්ඡිත පුරෝකථනවලින් පසු පූර්ණ කාබනික ගොවිතැනකට ගමන් කළ හැකි ආකාරය සොයා ගැනීම වැදගත් බවත් මේ විද්වත්හු පෙන්වා දෙති.

Exit mobile version