කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

ඝාතනයෙන් පසු කාන්තාව ඝාතන ස්ථානයට කැඳවාගෙන පැමිණි කාර් රථයෙන්ම ඝාතකයන් දෙදෙනා නුවරඑළි ඇවිත්...

ගෙල කපා  අනතුරුව දෑත් සිරුරින් වෙන් කර ඝාතනය කළ   මුල්ලේරියාව තෝමස් චොන්ගම පදිංචිව සිටි ප්‍රදීපා ද සිල්වා (52) ගේ ඝාතනය   සැලසුම් කර ක්‍රියාත්මක කර ඇත්තේ ඇය සමග සම්බන්ධයක් පැවැත්වූ සියඹලාපේ  පදිංචි සුධීර වසන්ත (57) නැමැති ව්‍යාපාරිකයා   සමග අද (02) සවස පොලිසියට භාර වූ 48 හැවිරිදි කපුවා විසින් බව ප්‍රශ්න කිරීම්වල දී විමර්ශන අංශ විසින්  අනාවරණය කරගෙන තිබේ.

මෙම කපුවා සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පදිංචි වශී ගුරුකම් සහ නිධන් කැනීමෙහි නිරතවූ වී සිටි පුද්ගලයෙක් බව තොරතුරු වාර්තා වී ඇත.

තමන් සමග සම්බන්ධතාවය පවත්වන කාන්තාවගෙන් තමන්ට කරදර බව ව්‍යාපාරිකයා විසින් මෙම කපුවා සමග පැවසූ විට කාන්තාව රැගෙන එන ලෙසත් ඇයව මරා සඟවා තැබීමේ වගකීම තමන් ගන්නා බවත් ව්‍යාපාරිකයාට සහතික වී ඇත්තේ මෙම කපුවා බව හෙළි වී ඇත.

මෙම ව්‍යාපාරිකයා විසින් අදාල කාන්තාවට නිවාස සහ දේපල රැගෙන දී ඇති බවත්, එම දේපල කුලී කරමින් ඇය මාසිකව  අදායමක් ලැබූ බවත් හෙළි වී තිබේ.


එමෙන්ම ඇය මුල්ලෙරියාව පොලිසියේ ඉහළ නිලධාරීන් සමග බොහෝ අවස්ථාවල ඉතාම සමීප සම්බන්ධතා ගොඩනගාගෙන ඒ සම්බන්ධතා ඔස්සේ ද  බලවත්ව කටයුතු කර ඇතැයි වාර්තා වේ. මේ තත්ත්වය තුළ අදාල ව්‍යාපාරිකයාට අවසන් කාලය වන විට මෙම කාන්තාව හිසරදයක් වූ ආකාරය විමර්ශන අංශ වෙත අනාවරණය වී ඇත.

ඒ අනුව මෙම කාන්තාවට කතා කරගෙන කපුවාගේ සැලසුමට අනුව ඇයව අපරාධ ස්ථානයට රැගෙන පැමිණි විට

ගෙල කපා කාන්තාව ඝාතනය කර ඇතතේත්  පසුව  හිස සහ දෑත් කඳින් වෙන් කර ඇත්තේත්    මෙම කපුවා බව ප්‍රධාන සැකකරු පාපොච්ඡාරණය කර ඇති බව වාර්තා වේ.

කපුවාගේ සැලැස්මට අනුව මෙම ව්‍යාපාරිකයා පුරා වසර විස්සක් තිස්සේ ඇසුරු කළ ඇයව කඩුවෙල ප්‍රසිද්ධ අවන්හලක් අසලට කැඳවා ඇය සමග ඇයගේ මුදලින්ම කෙටි ආහාර ගෙන තේ පානය කිරීමෙන් අනතුරුව ඇයව තමන්ගේ අලු පැහැති KI 3030 වාහනයේ නන්වාගෙන ඝාතන ස්ථානය වන සිය පාලු නිවස වෙත රැගෙන ගොස් ඇත.

ප්‍රදීපා ගේ අවසන් ගමන… සිය හිතවතා ඇයව මරන්න කැඳවාගෙන යන අයුරු…

ඒ වනවිට ඔහු තමන් ස්ථිර පදිංචිය සහිත ස්ථානයෙන් ද   ඉවත් වී එම නිවස කුලී පදනම මත පුද්ගලයෙකුට ලබා දී  නිවස ද හැර ගොස් ඇත. 27 වැනිදා මෙම ඝාතනය වූ දින සිට අද නීතිඥයින්   සමග සැකකරු භාරවන තෙක් ඔහු අතුරුදහන්ව සිටියේය.

ප්‍රදීපා  ඝාතනය කර ඇයගේ සිරුර සපුගස්කන්ද කොට්ටුන්න වැවට අතහැරීමෙන් අනතුරුව අපරාධකරුවන් දෙදෙනා ඇයව ඝාතන ස්ථානය වෙත කැඳවාගෙන පැමිණි රථයෙන්ම නුවර එළිය සඳතැන්න  සද්ධර්ම නිකේතන විහාරයේ විශ්‍රාම ශාලාව වෙත ගොස් තිබේ. ඊයේ සැකකරු ගේ වාහනය හමුවන්නේ මෙම විහාර භූමියේ නවත්වා තිබිය දී ය.

එම සිදුවීම සම්බන්ධයෙන් නුවරඑළිය සඳතැන්න සද්ධර්ම නිකේතන විහාරවාසී පූජ්‍ය තෙලුල්ලේ චන්දානන්ද හිමියන් දෙරණ පුවත් සේවයට මෙසේ පවසා තිබිණි.

“දෙන්නෙක් ආවා. එක්කෙනෙක් මෙහෙට ආපු ගියපු එක්කෙනෙක්. අනෙක් කෙනා මම දැකලවත් දන්නේවත් නැහැ. මේ දෙන්න ආවේ පාන්දර 6.30ට 7ට  විතර.

“සතියක් විතර ඉන්නවා කියලා කිව්වා. එදා පෝය දවසේ  එකපාරටම  හමුදුරුවනේ අපිට යන්න වෙලා තියෙනවා කොළඹ වැඩක් කරන. මෙන්න හමුදුරුවනේ කාර් එකේ යතුර කියලා කාර් එකේ යතුරයි,  තව යතුරු වගේකුයි ෆෝන් එකකුයි දීලා දවස් දෙකකට පස්සේ එනවා කියලා ගියා.”

“එහෙම දුන්නට පස්සේ කවුරුත් සැක හිතන්නේ නැහැනේ මේක මෙහෙම කරලා ආපු එකක් ද කියලා… මම ඒ ටික අරගෙන කබඩ් එකේ දාලා තිබ්බා ඊට පස්සේ රෑ 11 ට  විතර පොලිස් මහත්වරු වගයක් ආවා. ඒ ආවාට පස්සේ මම සම්පූර්ණ සිද්ධිය කිව්වා. කවුරු ආවත් මම සලකනවා… මේක තමයි මට කියන්න තියෙන ඇත්ත.”  උන් වහන්සේ කියා තිබුණහ.

සැකකාර ව්‍යාපාරිකයා සොයා පොලිස් කණ්ඩායම් තුනක් වශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.  ඔහුව සොයා ගැනීමට මහජන සහාය ද පොලිසිය විසින් ඉල්ලා තිබුණේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිසිය ඔවුන් දෙදෙනාගෙන්ම මේ වනවිටත් ප්‍රශ්න කරමින් ඇත.

 

Exit mobile version