කාන්තාවක් ද ඇතුළත්  මැර කණ්ඩායමක ප්‍රහාරයකින් පුද්ගලයින් 05ක් බරපතල තුවාල පිට රෝහලේ…

දිනසේන රතුගමගේ –

යාපනයේ අලම්පිල් ප්‍රදේශයේ සිට බස් රථයකින් මුලතිව් ගම්මානයක් වෙත පැමිණ ගම්වාසීන්ට ප්‍රහාරයක් එල්ල කළ කාන්තාවක් ද සහිත පුද්ගලයින් 13 දෙනෙකු මුලතිව් පොලීසිය විසින් 21 දා අත් අඩංගුවට ගෙන තිබේ.

බස් රථයෙන්පැමිණි මැර කණ්ඩායම එල්ල කළ ප්‍රහාරය හේතුවෙන්  ගම්ම්මානයේ පුද්ගලයින් 5 දෙනෙකු බරපතල තුවාල ලබා මුලතිව් රෝහලට  ඇතුළත් කළ බවද පොලිසිය කියයි.

පැරණි කෝන්තරයක් මත මේ ප්‍රහාරය එල්ල කොට ඇති අතර සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ගෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත ඔවුන්ව මුදා හැර තිබේ.


ප්‍රහාරය සඳහා ඔවුන් පැමිණි  බස් රථය පොලීසිය බාරයේ රඳවාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ජූනි මස 23 දා නඩු විභාග කිරීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලතිව් පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version