කාදිනල් තුමා එපා කී  දේශබන්දු සහ නිලන්ත වෙනුවෙන් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමි පෙනී සිටිති!

පොලිස්පති පත්කිරිමට  ආගමික නායකයන්ගේ ඇඟිලිගැසීම් එපා...   අස්ගිරි පාර්ශවයෙන් කාදිනල් තුමාට විරෝධයක්!  

පොලිස්පති ධුරයට සුදුසු  නිලධාරියකු පත්කිරිමේදි ආගමික නායකයන් බලපෑම් කිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකියැයි අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කරන්නේ  පාස්කු ප්‍රහාරය සිදුවන්නට හැර මහා මිනිස් ඝාතනයක් සිදුවිමට ඉඩ හැරිය බවට පාස්කු කොමිසමේ අවසන් වාර්තාවෙන්  චෝදනාවට ලක්වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ  ජ්‍යෙෂ්ඨ නියෝජ‍්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස්පති ධූරයට පත් කිරීම සම්බන්ධව සිය බලවත් නොසතුට කොළඹ අග රදගුරු ලෙස මැලක්ම් කාදිනල් රන්ජිත් හිමියන් නිල වශයෙන් ජනාධිපතිවරයාට ලිඛිතව දැන්වීමේන පසුය.

මෙහිදී නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් දන්වා සිටින්නේ  පොලිස්පති ධුරයට නිලධාරියකු පත්කිරිම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ නිදහස ජනාධිපතිවරයාට තිබිය යුතු බවය.

කුමන හෝ ආගමික නායකයකු ඒ සඳහා කිරීම නුසුදුසු බවද   උන් වහන්සේ කියති.


ඉතිහාසයේ පළමුවරට පොලිස්පතිවරයකු නැති පොලිසියක් වර්තමානයේ පවතින්නේ මෙම අනවශ්‍ය බලපෑම් නිසා යැයිද නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ කියති.

පොලිස්පති ධුරයට නිල  නිලධාරින් කීපදෙනකු නම්කරමින් එම අය එම ධුරයට  පත්නොකරන ලෙස කාදිනල්තුමා ජනාධිපතිවරයාට දන්වා යවා ඇති බව දැනගන්නට ඇතැයි සඳහන් කරන නාරම්පනාවේ ආනන්ද නාහිමියන් ඒ නිදහස ජනාධිපතිවරයාට දී ආගමික නායකයන් ඉන් බැහැරවිය යුතුයැයිද කියති.

ආගමික නායකයන් ආණඩුවට බලපෑම් මෙන්ම උපදෙස් දිය යුතු කාරණා තිබුණත් රටේ ආරක්ෂාවට බලපාන පොලිස්පති වැනි ධුරයක් සම්බන්ධයෙන් කරන ඇඟිලි ගැසීම් නොවිය යුතු ඒවා යැයිද නාරම්පනාවේ ආනන්ද හිමියෝ පෙන්වා දෙති.

කෙසේ වුවත් පොලිස් ඉතිහාසයේ පොලිස්පති ධූරය පුරප්පාඩු වී දින ගණනක් පවතින එකම අවස්ථාව මෙය නොවන බව පොලිස් ඉතිහාසය පෙන්වා දෙයි. මීට මාස තුනකටත් පෙර මේ ආකාරයෙන්ම පොලිස්පති ධූරය දින තුනක් පුරප්පාඩුව තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාසයක් පමණ කාලයක් පොලිස්පති ධූරය පුරප්පාඩුව පැවති අවස්ථා ද ඉතිහාසයේ තිබේ.

Exit mobile version