කාදිනල් තුමාගේ දේශපාලන කුමන්ත්‍රණය නැතිනම් රටේ ජනාධිපති සජිත්

හරීන් ප්‍රනාන්දු පොලොන්නරුවේ දී කියයි

පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට ලැබිය යුතු කතෝලික ඡන්ද වැලැක්වීමේ කුමන්ත්‍රණයක අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් නිරතව සිටි බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියයි.

කතෝලික ඡන්දවලින් සියයට 80ක් ලැබෙන්නේ  එක්සත් ජාතික පක්ෂයට බවත්, මැල්කම් රංජිත් අගරදගුරු තුමා එය වැළැක්වීමට කුමන්ත්‍රණය නොකළා නම් ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන බවත් හෙතෙම කීය.

පොලොන්නරුව ප්‍රදේශයේ පැවති සමගි ජනබලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැළියක දී හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණේය. පාස්කු ප්‍රහාරයට මුවා වී අගරදගුරු තුමන් තනිකරම කළේ දේශපාලනය බව සඳහන් කළේය.


ගෝඨාභය රාජපක්ෂ කතෝලික ඡන්ද ලබාදීමේ අරමුණින්  සැලසුම් සහිතව  කාදිනල් තුමා පාස්කු ප්‍රහාරය අදාල කරගනිමින් ප්‍රකාශ සිදුකළ බව හරින් ප්‍රනාන්දු සිහිපත් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස ඡන්දවලින් සියයට 42ක් ද, ගෝඨාභය රාජපක්ෂ සියයට 52ක් ද, ඡන්ද ලබාගත් අතර කාදිනල් තුමා මැදිහත් වී කතෝලික ඡන්ද සියයට 5ක් ගෝඨාභයට ලබා නුදුන්නා නම් ඡන්ද ප්‍රතිඵලය හාත්පසින් වෙනස් විය හැකිව තිබුණු බවත්  ඔහු කීවේය. එය වැළකී ගියේ කාදිනල් වරයාගේ ප්‍රකාශයෙන් බව හිටපු ඇමතිවරයා සඳහන් කළේය.

Exit mobile version