“කාති උසාවිවල පුරප්පාඩු කැඳවීමට මගේ සම්බන්ධයක් නෑ” – අධිකරණ ඇමති

කාති උසාවි සම්බන්ධ සියලු තීරණ ගනු ලබන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් බවත් එය ව්‍යවස්ථාවෙන් ස්ථාපනය කරන ලද වෙනම ආයතනයක් වන අතර අධිකරණ අමාත්‍යවරයාට එය සම්බන්ධයක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

වසර හැත්තෑ දෙකක් තිස්සේ මෙරට ක්‍රියාත්මක කාති උසාවි ක්‍රමය වෙනස් කළ හැක්කේ ඒ සම්බන්ධ නීති සංශෝධනයකින් පමණක් බව එතෙක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඊට අදාළ කටයුතු සිදු කරන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

කාති උසාවි සඳහා කාතිවරුන් බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගැනීමත් සමග ඒ සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබේ


අදාළ පත් කිරීම් සදහා අධිකරණ අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධයෙන් නොමැති බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි වැඩිදුරටත් අවධාරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කාති උසාවි කියන්නේ මේ රටේ අවුරුදු හැත්තෑ දෙකක් තිස්සේ තිස්සෙ ක්‍රියාත්මක වන දෙයක්. ඒකෙ වෙනසක් වෙනවා නම් නීතිය සංශෝධනය වෙලා වෙන්නට ඕන. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කාති උසාවිවල පුරප්පාඩු වූ කාති විනිශ්චයකාරවරු පත් කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අයදුම්පත් කැඳවීම. ඒකට මගේ කිසිම සම්බන්ධයක් නෑ . අධිකරණ සේවා කොමිෂන් සභාව කියන්නේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙන්ම වෙනම ස්ථාපිත කරන ලද වෙනම ආයතනයක්. කාති අධිකරණ සම්බන්ධව සියලුම කටයුතු කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන්. එය සංශෝධනය වන තෙක් පවතින නීතියේ කොටසක්. කිසිම පදනමක් නැතුවයි මේක අධිකරණ අමාත්‍යවරයාට සම්බන්ධ කරලා තියෙන්නේ.”

Exit mobile version