කාත් කවුරුත් නැති අසරණ කාන්තාවකට මත්ද්‍රව්‍ය එන්නත් කර 10 දෙනෙක් එක්ව සමූහ දූෂණයක් කරලා…

මින් පෙරත් මේ සල්ලාලයින් ඇයව සමූහ දූෂණයකට ලක් කර කිසිවෙකුට පැවසුවහොත් මරා දමන බවට තර්ජනය කරලා…

දිනසේන රතුගමගේ –

යාපනයේ පේදුරුතුඩුව ආණ්ඩියන් ගම්මානයේ පදිංචි කාන්තාවකට මත්ද්‍රව්‍ය  එන්නත් කොට තරුණයින් දස දෙනෙකු පමණ ඇයව සමූහ දූෂණයකට ලක්කළ බවට පේදුරුතුඩුව පොලීසියට ඊයේ (23)    පැමිණිලි ලැබී තිබේ.

පැමිණිල්ල ඔස්සේ පරීක්ෂණ පවත්වන පොලීසියට හෙළි වී ඇත්තේ මීට පෙරද අදාල තරුණයින් විසින් මේ වසරේ ජනවාරී මාසයේදී කාන්තාව බලහත්කරයෙන් දූෂණය කොට ඇයට මේ ගැන කිසිවෙකුට හෝ නොපවසන ලෙස බලකොට   මරණීය තර්ජන එල්ල කළ බවයි.

මව හා පියා මියගිය පසුව ඇය සිය වැඩිමල් සහෝදරිය යටතේ ජීවත් වී ඇති අතර ඇයද පසුගිය වසරේදී මියයාමෙන් පසුව එම කාන්තාව නිවසේ තනිවම ජීවත් වී ඇත.  

තරුණයින් පිරිස මුල්ම වරට ඇයව දූෂණය කොට ඇත්තේ ඇය තනිවම නිවසේ සිටින අවස්ථාවකදීය


මෙවරද ඇයගේ නිවසට පැමිණි තරුණයින් පිරිසක් ඇයට සිහිමද වන්නට කිසියම් මත්ද්‍රව්‍යයක්  බලහත්කාරයෙන් එන්නත් කොට   ඇයව බලහත් කාරයෙන් සමූහ දූෂණයකට ලක් කොට තිබේ.

සමූහ දූෂණයට ලක් වීමෙන් පසුව බරපතල ලෙස රෝගී වූ  මෙම කාන්තාව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් සියලුම තොරතුරු හෙළි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දූෂණයට ලක් වූ කාන්තාවගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති  පොලීසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version