ක්‍රීඩා ඇමති නාමල් ජංගම වෙළෙන්දන්ගේ “අධික මිල“ සමගත් සෙල්ලම් කරයි !

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධික මිලට එළවළු හා පලතුරු විකුණන ජංගම වෙළෙඳ රථවල බලපත්‍ර තහනම් කිරීමට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී මාධ්‍ය නිවේදන නිකුත් කරනු ලැබුවත් වෙළෙඳුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට ඔවුන් අධික මිලට එළවළු පළතුරු ඇතුළු වෙළෙඳ ද්‍රව්‍ය විකිණූ බව තීන්දු කරන පිළිගත් ක්‍රමවේදය කුමක් දැයි ප්‍රශ්නයක් මතු වී ඇති බව පාරිභෝගික සේවා අංශයන්හි ආරංචි මාර්ග හෙළිදරව් කරයි.

සහල් ඇතුළු  අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක්  සඳහා මිල පාලනයක් ඇතත් එම මිල පාලනයත් නිසි ලෙස ක්‍රියාත්මක කරවීමට රජය සමත් ව නැත. එවැනි පසුබිමක් තුළ තැනින් තැනට ගමන් කොට භාණ්ඩ අලෙවි කරණ වෙළෙඳුන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පවතින නෛතික ව්‍යූහය අපැහැදිළි බවත් ප්‍රායෝගිකව මෙය සිදු කරන්නේ කෙසේද යන්න ගැටලු සහගත බවත් ලංකාසරට අදහස් දක්වමින් වෙළෙඳපොළ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.  මෙවැනි නිවේදනයකින් අඩුම තරමින් මෙම වෙළෙඳුන් බියගැන්වීමක්වත් සිදු නොවන බව පෙන්වා දුන් එම ආරංචි මාර්ග මෙම කමිටුව මඟින් ඉතා ඉක්මනින් මේ සඳහා ප්‍රාෙයා්ගික ක්‍රමවේදයක් සකස් නොකළහොත් එය විහිලුවක් වන බව ඔවුහු පෙන්වා දුන්හ. 

එමෙන්මෙම ම කමිටු රැස්වීමේ දී පසුගිය වසරවලට සාපේක්ෂව එළවළු මිල ඉහළ යෑමෙක් දක්නට ලැබෙන බව පෙන්වා දුන් නිලධාරීන් කියා තිබුණේ එළවළු නිෂ්පාදනය වන කාලයක් නොවන හෙයින් මෙසේ මිල ගණන් ඉහල යා හැකි බවය. ඒ තත්වය තුළ ගොවීන්ගෙන් එළවළු මිලදී ගන්නා අතරමැදියන් අධික මිලක් නියම කිරීම හා ජංගම වෙළෙඳුන් අධික මිලක් නියම කිරීම නිසා මිල ගණන් වැඩි වූ බවත් එය පාලනය කිරීමට ජංගම වෙළෙඳ අලෙවි බලපත්‍ර අහෝසි කළ යුතු බවත් යෝජනා වී ඇත.

Exit mobile version