ක්‍රියාත්මක නොකළ ව්‍යාපෘතියකට ග්‍රාමිය ආර්ථික කටයුතු අමාත්‍යංශය පුද්ගලික සමාගමක් සඳහා ලක්ෂ ලක්ෂ 130ක් ගෙවලා…

විගණනය හෙළි කරයි...

ලලිත් චාමින්ද –

ක්‍රියාත්මක නොකළ  ශිතාගාර ඉදිකිරීමේ  ව්‍යාපෘතියකට  අදාලව උපදේශන  සේවා ලබාගැනීම  සඳහා ග්‍රාමිය ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින්  පුද්ගලික සමාගමකට ගෙවු එක් කෝටි තිස් ලක්ෂයක මුදලක්  නිශ්කාර්ය  වියදමක් වී ඇති බවට ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

එළවළු හා පළතුරුවල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා  ශිතාගාර 05ක් පිහිටුවීමට  ග්‍රාමිය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශයට රුපියල් කෝටි 200ක මුදලක් වෙන්කොට තිබුණි.

වර්ෂ 2017 මාර්තු 22 දින ශිතාගාර ස්ථාපිත කිරීම සඳහා  අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව  පුද්ගලික ආයතනයක් වෙත  රුපියල් තුන් කෝටි එක් ලක්ෂ විසි තුන් දහස් නවසිය හයක (30,123,906) වැට් රහිත මුදලකට  කොන්ත්‍රාත්තුව පිරිනැමිමට තිරණය වී තිබුණි.


ඒ අනුව ශිතාගාර  ඉදිකිරීම සඳහා  උපදේශන සේවා ලබාගැනීමට 2017 අප්‍රේල් මස  05 වැනිදින  පුද්ගලික ආයතනයක් සමග ගිවිසුම් ගතව ඇත.  ගිවිසුම් ප්‍රකාරව  උපදේශන සේවා සමාගම විසින් අදාල ශක්‍යතා වාර්තාව  2017 වර්ෂයේ නොවැම්බර් මස ඉදිරිපත් කරණු ලැබිය.

එම වාර්තාවේ සඳහන් අඩුපාඩු අතර  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය කොපමණද? යන්න හඳුනාගෙන නොතිබුණි.

එමෙන්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලික ආයෝජකයෙකු  සම්බන්ධකරගැනීම හෝ  ව්‍යාපෘතිය රජය මගින් ක්‍රියාත්මක කිරීම ගැටළු සහගත බව නිරික්ෂණය කොට ඇත.

අදාල අරමුණු ඉටුකර ගැනීම  ප්‍රයෝගිකව ගැටලු සහගත බවට නිරික්ෂණය වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ඒ අනුව ඉඩම් ගැටළුව හේතුවෙන්   මෙකි ව්‍යාපෘතිය ක්‍රියාත්මක  නොවිමේ තත්වයක් තුළ  ගිවිසුම අහෝසිවි තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා  උපදේශන සමාගමට ගෙවු  රුපියල් මිලියන 11.3ක් වු මුදල  අපතේ ගොස් ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

 

Exit mobile version