ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කේෂ්ත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ඇතුළත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය, පෙට්‍රෝලියම්, පොදු ප්‍රවාහන සේවාවන්, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරින්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කෘෂි පර්යේෂණ සහකාර ඇතුළු සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාලයන්හි කේෂ්ත්‍ර මට්ටමේ නිලධාරින්, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව සියලුම රාජ්‍ය බැංකු සහ පළාත් පාලන ආයතන මගින් සිදුකරන කසළ කලමනාකරණ සේවා කටයුතු අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කොට ඇත.

gazette

Exit mobile version