ක්‍රීඩා ඇමති ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගසන බවට කේලම් කියන්න ක්‍රිකට් පාලක මණ්ඩලයේ 02ක් අයිසීසී නිලධාරීන් හමුවීමේ සූදානමක.!

කුසලා සරෝජනී කමිටු වාර්තාව ක්‍රිකට් පාලක මණ්ඩලය හොඳටම බිය වද්දා ඇති ආකාරය හෙළිවෙයි...

sri-lanka-cricket

ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කරන ලද කුසලා සරෝජිනී කමිටුවේ වාර්තාවෙන් කලබලයට පත් වූ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රබලයන් දෙදෙනෙක් හදිසියේ ඩුබායි බලා යාමට නියමිතව ඇතැයි ලංකාසරට වාර්තා වේ.

මෙම හදිසි ගමනට අරමුණ වී ඇත්තේ අයිසීසී නිලධාරීන් හමු වී ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගසන බව ඔවුන්ට ඒත්තු ගැන්වීමයි.

ඒ අතර පසුගියදා අත්සන් තැබුණු T 10 ලංකා ප්‍රිමියර් ලීගයේ අනුග්‍රාහක ලෙස කටයුතු කරන ඩුබායිහි සිටින ශාජි උල් මක් හමුවීමටද ඔවුන් බලාපොරොත්තු වන බව වාර්තා වේ.

ශාජි උල් මක් යනු ඩුබායිහි පැවති ප්‍රථම T10 ප්‍රිමියර් ලීගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ හිමිකරු හා අනුග්‍රාහකයාද වේ.
එම තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පොරොන්දු වූ ආකාරයට මුදල් නොගෙවූ බවට චෝදනාවක් තිබුණු අතර පුහුණුකරුවන් ලෙස සහභාගි වූ අවිශ්ක ගුණවර්ධන හා නුවන් සොයිසාටද තරග පාවා දීමේ චෝදනා එල්ල විය.


අයිසීසිය මගින් කරන ලද පරීක්ෂණයකින් පසු අවිශ්ක නිදහස් කරනු ලැබූ අතර නුවන් සොයිසා වරදකරු බවට පත් කර ක්‍රිකට් තහනමක්ද පනවනු ලැබීය.

මෙම තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ලැබුණේ ඩොලර් 25000ක් පමණක් බව ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා විසින් පවසනු ලැබුවත් එවන් අඩු මුදලක් ලැබීම හා තරගාවලියට යවන ලද කණ්ඩායම ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියෙන් තොරව ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ අත්සනින් යැව්වේ කෙසේද යන්න පිළිබඳවත් ක්‍රීඩාවේ වැරදි සෙවීමට පත් කරන ලද විමර්ශන කමිටුව මගින් පරීක්ෂණයක් පවත්වන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් එම පරීක්ෂණ වාර්තාවටද කුමක් සිදු වීද යන්න කිසිවකු නොදනී

Exit mobile version