ක්‍රීඩා අමාත්‍යාංශ අරමුදල බංකොලොත්… ක්‍රීඩා ඇමති ක්‍රිකට් ආයතනයෙන් සල්ලි හිඟා කයි…

හිටපු ක්‍රීඩා ඇමති සහ රාජ්‍ය ඇමතිවරයා යටතේ    ක්‍රීඩා අමාත්‍යංශයේ අරමුදල මුලුමනින්ම පාහේ  වියදම් කර ඇති  බවත්  මේ වනවිට නව අමාත්‍ය රොෂාන් රණසිංහ   ක්‍රීඩා අරමුදල වෙනුවෙන්  ක්‍රිකට් ආයතනයෙන් මුදල් හිඟා කන තත්ත්වයට පත්ව ඇති බවත්  වාර්තා වේ.

දැනටමත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා  උළෙලට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලක්ෂ 225 ක් ක්‍රිකට් ආයතනයෙන් ලබා ගෙන ඇති අතර වෙනත් කිසිදු ක්‍රීඩා සංගමයකට හෝ ඉසව්වකට පමණක් නොව ක්‍රීඩක පෝෂණ දීමනා වෙනුවෙන් ගෙවීමට හෝ අමාත්‍යාංශයේ මුදල් නොමැති බවද වාර්තා වේ.

පසුගිය සමයේ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් අලුතින් ක්‍රීඩාංගණ හැදීමට හා ප්‍රතිසංස්කරණය කිරීමට වෙන් කරන ලද මුදලින් සම්පූර්ණ  කරන ලද කිසිවක් නොමැති බවත්  එම අරමුදල් වලින් ඇතැම් ස්ථාන වල දේශපාලන හිතවතුන් වෙනුවෙන් කඩ කාමර ඉදි කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ මීළඟ විගණනයේදී මෙම කරුණු අනිවාර්යයෙන්  ප්‍රශ්න කෙරෙනු ඇතැයි අමාත්‍යාංශ නිලධාරීහු පවසති.


නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයා වුවද ක්‍රීඩා රාජ්‍ය ඇමති තේනුක විදානගමගේ ගේ විමධ්‍යගත අයවැයෙන් කඩ කාමර සඳහා  අරමුදල් වෙන් කර ඇතැයිද වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍යාංශයේ අරමුදල් මේ ආකාරයන් බිඳ වැටී තිබිය දී  දැනටමත් ලියාපදිංචි ක්‍රීඩා සංගම් හැත්තෑවට අංගම්පොර ක්‍රීඩාවද ඇතුළත් කිරීමට නව ක්‍රීඩා ඇමතිවරයා කටයුතු කර තිබේ.

Exit mobile version