ක්‍රියා විරහිතව ඇති ගුවන් යානා 08 වෙනුවෙන්  ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝටි 565ක් බදු කුලී ගෙවලා… විගණනය හෙළි කරයි!

ලලිත් චාමින්ද – 

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන්යානා 08ක් ක්‍රියාවිරහිතව භාවිතයෙන් ඉවත්කොට තිබුනද  එම ගුවන් යානා සඳහා  බදු කුලී ලෙස රුපියල්  මිලියන 5,646.76 ක මුදලක්  ගුවන් සමාගම විසින් ගෙවා  ඇතිබව ජාතික විගණන කාර්යාලය පවසයි.

ගුවන් සමාගමට අවශ්‍ය ගුවන් යානා සංඛ්‍යාව 27කි. දැනට සමාගම සතුව ඇති ගුවන් යානා සංඛ්‍යාව 24කි. මින් ගුවන්යානා 08ක්  2023 අප්‍රේල් මස 20 වැනි දින වන විට  ක්‍රියාවිරහිතව භාවිතයෙන් ඉවත්කොට ඇති බව විගණන වාර්තාවේ සදහන් වේ..

භාවිතයෙන් ඉවත්කොට ඇති  මෙම ගුවන් යානා සඳහා 2021 වර්ෂයේ සිට 2023 අප්‍රේල් මස 20 දක්වා කාලය තුළ  බදු කුලි ලෙස රුපියල්  මිලියන 5,646.76 ක මුදලක්  ගුවන් සමාගම විසින් ගෙවා තිබුණි.

මෙම ගුවන් යානා   අක්‍රියවි ඇත්තේ ගුවන්යානා වල ඇති එන්ජින් දෝෂ හේතුවෙන් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.


ශ්‍රිලන්කන් ගුවන් සමාගම විසින්  දැනට මෙහෙයුම් කටයුතු සිදුකරන ගුවන් යානා සංඛ්‍යාව 18කි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා ගුවන් ගමන් සැලසුම්කරණයට  බාධා  එල්ලවි තිබේ. 

Exit mobile version