කළුබෝවිල රෝහලේ නිවුන් දරුවන් මිය යෑම පිළිබඳ විශේෂ පරීක්ෂණයක්…

Baby-Death

ශ්‍රියානි විජේසිංහ –                                                 

කලුබෝවිල රෝහලේ නිවුන් දරු දෙදෙනෙක්   මිය යෑම සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් පැවැත්වීම සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය   සඳහන් කරයි.

මෙම පරික්ෂණයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ යම් අතපසුවීමක් හෝ වැරැද්දක් සිදුව ඇත්නම් එම පුද්ගලයා හෝ පුද්ගලකණ්ඩායම සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන බවද අධ්‍යක්ෂවරයා පැවසීය.

සාමාන්‍යය දරු උපතක් සිදුවිමට නම් කළලයට  සති 40ක් හෝ අවම වශයෙන් පිරිය යුතු වන අතර උපත් බර කිලෝග්රෑම් 2.5ක් විය යුතු නමුත් මෙම නිවුන් දරුවන්ගේ බිහිකර ඇත්තේ සති 31දී බවත් ඔවුන්ගේ උපත් බර ග්රෑම් 800ක් හා කිලෝග්රෑම් 1.4ක්  බවත් වෛද්‍ය විජේසූරිය පෙන්වාදේ. 

මෙවැනි අඩු මාසයකින් අඩු බරකින් උපත ලබන දරුවන් විශේෂයෙන්ම නිවුන් දරුවන් ජීවත් කරලීම ඉතා අසීරු බවත් වෛද්‍යවරුන්ගේ කැපවීම හා උත්සාහය මත ඇතැම් විට දරුවන්ගේ ජිවිත රැකගැනිමට හැකිවන බවත් හෙතෙම පෙන්වාදේ.


මෙම  නිවුන් දරුවන් ඉපදුනු මොහොතේදීම නොමේරූ ළඳරු ඒකකයට ඇතුළත් කර අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති නමුත් එම දරුවන් ජීවත්කරලීම ඉතා අසීරු බැවින් මිය ගොස් ඇතැයිද වෛද්‍ය විජේසූරිය  සඳහන් කළේය.

කෙසේ නමුත් මෙම දරුවන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවන් හෙට (25) දිනයේදී නිකුත් වීමට නියමිත බැවින් එයද ඇද ඉහපත් සටහන් හා දරුවන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගෙන් ප්‍රකාශ සහන් කර ගැනීමට සිදුකර අවසාන තීරණය ලබා දීමට හැකි ඉක්මනින් කටයුතු කරන බවද අධ්‍යක්ෂවරයා කීය.

කැස්බෑව සර්වොදය  මාවතේ පදිංචි අකිලා බොනිපස් ගර්භනී මව පසුගිය 8 වෙනිදා දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කර ඇති අතර ඇය ඊට පසු දිනම නිවුන් දරුවන් බිහි කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම දරුවන් දෙදෙනා නියමිත බරින් යුක්ත නොවූ බැවින් නොමේරු ළදරු ඒකකයට ඇතුලත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර පිරිමි දරුවා 19 වෙනිදාද ගැහැණු දරුවා ඊට පසුවෙනිදාද (20්) මිය ගොස් ඇත.

Exit mobile version