කළුතර  තරුණයා කපා කොටා ඝාතනය කර ඇත්තේ ඔහුගේ 14 හැවිරිදි සොයුරා!

කළුතර, තේක්කවත්ත, පළාතොට ප්‍රදේශයේ නිවසක් තුළ ඊයේ (07) දහවල්  තියුණු ආයුධයකින් පහරදී  තරුණයෙක්  ඝාතනය කිරීමේ සිද්ධියට  සැකපිට ඝාතනනයට ලක් වූ  තරුණයාගේ  14 හැවිරිදි බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මව සහ පියා නිවසේ නැති අතරේ ඔවුන් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් නිසා බාල සහෝදරයා මෙසේ  සිය වැඩිමල් සොයුරාගේ ගෙලට මන්නයකින් කොටා බරපතල තුවාල සිදු කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තුවාල ලද තරුණයා ත්‍රී රෝද රථයකින් නාගොඩ රෝහලට ඇතුළත් කරන අතර තුර මිය ගිය බව පොලිසිය කීවේය.  මෙසේ මිය ගොස් ඇත්තේ අනුරුද්ධ ධනංජය ද සිල්වා නැමැති 27 හැවිරිදි  ත්‍රී රෝද රථ රියදුරෙකි.

 

 

Exit mobile version