“කහ ඉඟුරු තහනම හොඳයි ඒත් හිගය මකන්න ගෙනා කහ නිදහස් කරන්න”

කහ අපනයනකරුවෝ ඉල්ලති

ශ්‍රී ලංකා ආහාර අපනයකරුවන්ගේ සංගමයේ සංවිධායක එස්.අලීල්වේන්ද්‍රන් මහතා

මෙවර අයවැය යෝජනා හරහා කහ සහ ඉඟුරු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය ගත් තීරණයට සම්පූර්ණයෙන් එකඟ බවත් මේ වනවිට වෙළෙඳපොළේ පවතින දැඩි කහ හිගය මත සලකා දැනට මෙරටට ගෙන්වා රඳවාගෙන සිටින ඉන්දියාවෙන් ගෙන්වූ කහ කිලෝ ග්‍රෑම් ලකෂ 09ක තොගය නිදහස් කිරීමට කටයුතු කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රි ලංකා ආහාර අපනයකරුවන්ගේ සංගමයේ සංවිධායක එස්.අලීල්වේන්ද්‍රන් මහතා ලංකාසරට පැවසීය.

පසුගිය කොවිඩ් අවදානම හමුවේ රජය විසින් ලබාදෙන ආනයන ලිහිල් කිරීම් මත පසුගිය අප්‍රියෙල් මාසයේදී ගෙන් වූ මෙම කහ තොගය දැනට රජය මඟින් රඳවාගෙන සිටින අතර එම ස්ථානයේ කන්ටේනර් 50ක කහ කිලෝ ග්‍රෑම් ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් දැනට වෙළෙඳපොළේ පවතින දැඩි කහ හිගය සලකා එම තොගය නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළේය.

ලංකාසර වෙත තවදුරටත් කරුණු අනාවරණය කළ අලිල්වේන්ද්‍රන් මහතා රජය කහ ආනයනය කිරීම තාවකාලික ව අත්හිටවූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ. නමුත් මේ අතරවාරයේ මෙරටට ගෙන්වා තිබූ කහ තොග නිදහස් කිරීමට කටයුතු කළා. කන්ටේනර් 19ක් නිදහස් කිරීමට කටයුතු කළා.


ඒ ජනවාරි මාසයේ සහ මාර්තු මාසයේ කොවිඩ් අර්බුද නිසා නිදහස් කළා. ඒවා නිදහස් කළේ කොවිඩ් නිසාමයි. එය විශේෂ සහනයක් ලබා දීලා තාවකාලි ව තහනම තිබියදීම ඒවා ඉවත් කළා. ඊට පස්සේ කොරෝනා තව වැඩි වුණා. අපි හිතුවා කහ යළි ත් නිදහස් කරයි කියල. ඒ විශ්වාසයෙන් අපේ අපනයනකරුවන් කිහිප දෙනෙක් තවත් කන්ටේනර් 11ක් ගෙනාවා. මෙම කන්ටේනර් ආවේ අප්‍රියෙල් මාසයේ. නමුත් ඒ කන්ටේනර් ගෙනාවෙත් ආනයන තහනම තිබියදීමයි. කොහොම වුණත් මේ රටේ ගොවීන්ගේ කහ අස්වැන්න පිළිබඳවත් සලකලා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම කන්ටේනර් මැයි මාසයේ 10 වැනිදාට කලින් නිදහස් කර ගන්න තම විරෝධතාවක් නොමැති බවට ලිපියක් නිකුත් කළා.

එම අවස්ථාව උපයෝගි කරගෙන තවත් ආනයනකරුවන් ගණනාවක් කහ කන්ටේනර 34ක් ආනයනය කළා. නමුත් ඒ වෙලාවේ රජය කීවේ අප අවසර දුන්නේ කන්ටේනර් 11කට මේවා නිදහස් කරන්න බැහැ කියල. කොහොම හරි මේ තත්තවය මත දැන් කන්ටේනර් 50ක් විතර නිදහස් නොකොට ගුදම්වල පවතිනවා
ප්‍රශ්නය තියෙන්නේ දැන් වෙළෙඳපොළේ ලොකු කහ හිගයක් පවතිනවා. දේශීය ගොවීන්ගේ අස්වැන්න එන්න තවත් මාස දෙකක් පමණ ගත වෙනවා.

දැන් මිනිස්සු කහ වෙනුවට කන්නේ වෙනත් ව්‍යාජ කහ. මෙය ඔවුන්ගේ සෞඛ්‍යයටත් අනතුරක්. අනෙක් අතින් මේ වනවිට උතුරෙන් නැගෙනහිරින් ඉන්දියාවෙන් විශාල වශයෙන් කහ හොරෙන් මෙරටට ගෙන්වනවා. මේ වනවිටත් සෑහෙන ප්‍රමාණයක් අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එයින් රජයට කිසිදු බදු ආදායමක් එන්නෙත් නෑ. අපි රජයෙන් ඉල්ලන්නේ මාසයකට සති 6කට උපරිම වශයෙන් ප්‍රමාණවත් වෙන මෙම කහ තොගය ඉක්මනින් නිදහස් කර දෙන්න කියලයි. අපිත් දේශීය ගොවියා ප්‍රමාණවත් තරම් මේ රටේ කහ නිෂ්පාදනය කරල ආනයන වියදම් අඩු කරනවාට එකඟයි. රජයේ මේ තීරණය මැද අපි යළිත් ඉල්ලා සිටින්නේ පවතින වෙළෙඳපොළ තත්ත්වය පිළිබඳව සලකා මේ පිළිබඳ ව හොඳින් සොයා බලා මෙම කහ තොගය නිදහස් කරන්න කියලයි““ යයි අලිල්වේන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version