“කලින් පොම්පියෝ එනකොට හනුමන්තා වගේ පිණුම් ගහපු විමල්ලා අද ඇටි කෙහෙල් කෑ උගුඩුවෝ වගේ”

පසුගිය රජය කාලයේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට සැරසෙද්දී ඊට දැඩි සේ විරෝධය පළ කරමින් කළු කොඩි දමා හනුමන්තන් සේ රට ගිනි තබන්නට කටයුතු කළ විමල් වීරවංශ ඇතුළු වර්තමාන ආණ්ඩුවේ සිටින දේශප්‍රේමීන් හදිසියේ තර්ජනාත්මක ලෙසින් එන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ පැමිණීම හමුවේ ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ බලා සිටින්නට සිදුව ඇතැයි ජාතික සමගි ජන බලවේග ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

දැඩි කොරෝනා අවදානමක් මැද ඒ පිළිබඳව පවතින සෞඛ්‍ය නීති නිර්දේශ අනුගමනය කිරීමෙන් තොරව හදිසියේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීමේ අරමුණ තවමත් රහසිගත එකක් බවත් මේ පිළිබඳව රටට හෙළි කළ යුත්තේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ගමනට කලින් විරුද්ධ වූ විමල් වීවංශ උදය ගම්මන්පිල වැනි දේශප්‍රේමීන් බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

කලින් වතාවකදී වර්තමාන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රි ලංකාව ඇතුළු අසියානු කලාපයේ රටවල් හතරක සංචාරය කිරිමට සැරසෙද්දී ඇමෙරිකානු න්‍යාය පත්‍රය මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට මෙරට තුළ ක්‍රියාත්මක කරන බවත් මෙරට ඉඩම් අත්පත් කර ගැනීමේ කූට සැලසුමක් ඇමෙරිකාවට තිබෙන බවටත් පාර්ලිමේන්තුව තුළ පවා විමල් වීරවංශ ඇතුළු දේශප්‍රේමීන් කෑ ගැසූ නමුත් අද කොරෝනා සම්බන්ධයෙන් පවතින මූලික සෞඛ්‍ය නිර්නායක පවා උල්ලංඝනය කරමින් ලබන සතියේ ශ්‍රි ලංකාවට පැමිණෙන මයික් පොම්පියෝ පිළිබඳව ඔවුන් වචනයක්වත් කතා නොකිරීම මහත් ගැටලුවත් බවත් එයින් ඔවුන්ගේ රැවටිලිකාර දේශපාලනය මැනවින් පෙන්නුම් කරන බවත් පවසයි.


ඇමෙරිකානු අධිරාජ්‍යවාදියට එරෙහි ආණ්ඩුවේ ජාතිවාදී බලවේග මේ මොහොතේ ආණ්ඩුවේ විවිධ වරදාන වරප්‍රසාද ලබමින් ඊට ගිජුව නිහඬව සිටින බවත් වෙනත් රජයයක් යටතේ මෙම සංචාරය සිදුවී නම් ඔවුන් පාරට බැස විරෝධතා පවත්වමින් මහජනතාව උසි ගන්වන බවද තිස්ස අත්තනායක මහතා පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිටත් චීනයට සහ ඇමෙරිකාවට රට යටත් කොට දී ඇති මෙම රජය නිරෝධායන නීතිවලට පිටින් මෙම රටවල ඉහළ පෙලේ නියෝජිතයන්ට අපේ රටට ඇතුළු වීමට ඉඩ ලබා දී ඇති බවද පෙන්වා දුන්නේය. කෙසේ වුවද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට හදිසියේ පැමිණෙන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ එම්සීසී ගිවිසුම ක්‍රියාත්ක්මක කිරීම ඉක්මන් කරවීම බවත් මේ සම්බන්ධනේ රජය ඇත්ත ජනතාවට හෙළි කළ යුතු බවත් ඔහු මෙහිදී පැවසීය.

Exit mobile version