කලින් නොදන්වා දුම්රිය වර්ජනයක් ඇරඹෙයි… මිනිස්සු අසරණයි…

පූර්ව දැනුම් දීමකින් තොරව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

පවතින ඉන්ධන අර්බුදයට විසඳුම් සෙවීමට දුම්රිය බලධාරින් කටයුතු නොකිරීම ඇතුළු ගැටලු කීපයක් මුල් කරගෙන   මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති   දුම්රිය වෘත්තීය සමිති නිවේදනය කරයි.

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති අතරට දුම්රිය නියාමකවරුන් සහ එන්ජින් රියදුරන් ද ඇතුළවේ. ඉන්ධන හිඟය හේතුවෙන් බස් රථ සේවා අඩපණ වී ඇති පසුබිමක අසීරුවෙන් රාජකාරි සඳහා පැමිණි ජනතාව මේ තීන්දුවත් සමග ඉතා විශාල අර්බුදයකට මුහුණ දී ඇත.

දුම්රිය සේවකයින්ට සේවයට වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය  ගමන්වාර 22ක් අවලංගු විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අතර දුර ගමන් සහ කාර්යාල දුම්රිය  අවලංගු වූයේය.

 

 

 

Exit mobile version