“කරුණා අම්මාන්ගේ මිනීමරු ප්‍රකාශය හමුවේ පාලකයින් මුනිවත රකිනවා”

හිටපු නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිදුකර ඇති මිනීමරු ප්‍රකාශය ගැන ජනාධිපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ බලවතුන් මුනිවත රකින්නේ එම ප්‍රකාශය අනුමත කරන නිසා දැයි වහාම රටට ප්‍රකාශ කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.

ත්‍රිවිධ හමුදාවේ 2000ක් 3000ක් තමන් විසින් ඝාතනය කළ බවට කරුණා අම්මාන් සිදු කර ඇති ප්‍රකාශය කිසි ලෙසකින්වත් සුළුකොට තැකිය නොහැකි බවත් ඒ සම්බන්ධව ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි වහා රටට ප්‍රකාශ කළ යුතු බව උන්වහන්සේ පැවසූහ.

කරුණා අම්මාන් සිදුකර තිබෙන හමුදාවේ සෙබළු ඝාතනය කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ‘ලංකාසර’ සමඟ අදහස් දක්වමින් මේ බව සඳහන් කළ සෝභිත හිමියෝ මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ නොකර තවදුරටත් මුනිවත රකින්නේ නම් ඉදිරියේ දී තවත් පියවර කීපයකට යොමු වීමට සැලසුම් කරමින් සිටින බව අනාවරණය කළහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට වෙනුවෙන් පෙනී සිටින බව කියන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල වැනි අය මේ ආණ්ඩුවේ හිටපු නියෝජ්‍ය ඇමති කරුණා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නොකරන්නේ එය අනුමත කරන නිසා ද යන්න පිළිබඳව ඔවුන් ද රට හමුවේ ප්‍රකාශ කළ යුතු බව උන්වහන්සේ පවසති.

Exit mobile version