කරාපිටිය පිළිකා වාට්ටුවේ කොවිඩ් ආසාදිතයන් 16 කෙත් ඉහළට…රෝගීන් වාට්ටුව තුළම නිරෝධානයේ..

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ  කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16 දෙනෙකු  දක්වා අද (19) උදෑසනවනවිට වැඩිවීමත් සමග දැනට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටින රෝගීන් 26 දෙනෙක් වාට්ටුව තුළම නිරෝධායනය කිරීමට රෝහල් පරිපාලනය තීරණය කර තිබේ.

මේ වනවිට කරාපිටිය 56 පිළිකා වාට්ටුවේ විකිරණ ප්‍රථිකාර ගැනීම සඳහා පැමිණි රෝගින් 13 දෙනෙකුට හා රෝගින් ළඟ සාත්තුවට සිටි  තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව    ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි  පවසයි.

මේ පිළිබද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හර්ෂණි ඹබේසේකරගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවාය.


“ දැනට  56 වාට්ටුවට රෝගින් ඇතුළත් කරගන්නේ නැහැ. වාට්ටුවේ ඉන්න රෝගින් වාට්ටුවතුලම නිරෝධායනයට ලක්කරලා  තියෙනවා. වාට්ටුවේම වෙන්කොට සිට රෝගියකු  තමයි අද (19) උදෑසන  කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වුනේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


56 වාට්ටුවේ රෝහල් කාර්යමණ්ඩලය රෝගින් හා සාත්තුවට සිටි  පුද්ගලයින් 400කට වැඩි සංඛ්‍යාවක්  ඊයේ (18) දින පි.සී.ආර් පරික්ෂණයට ලක්කළා. මේ 16 දෙනා හැර අනිකුත් කිසිදු අයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවෙලා තියෙනවා. දැනට 56 වාට්ටුව තුළ ඇතිවී  තිබෙන තත්වය පාලනය කරලා තියෙන්නේ. අවදානම් තත්වය හඳුනාගෙන තියෙනවා. ඒ අය වෙන්කොට තියෙනවා. රෝහල් කාර්යමණ්ඩලය කළේ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් තමයි දිගටම කටයුතු කළේ. මුඛ ආවරණ දමාගෙන සෞඛ්‍ය නිතිරිතිවලට  අනුව කටයුතු කරපු අයට ඇත්තටම වෛරසය ආසාදනය වෙලා නැහැ.

 

Exit mobile version