කරාටේ ශූර ගුවන් හමුදා සෙබලා කුඩුත් එක්ක අල්ලයි!

 

ලලිත් චාමින්ද –

ගුවන් හමුදාවේ   කරාටේ කණ්ඩායම නියෝජනය කරන ගුවන් හමුදා සෙබලෙක් මත්කුඩු මිලිග්‍රැම් 500ක් සමග අද (11) ගාල්ල දෙවට හන්දියේ දී අත්අඩංගුවට ගත්බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

බුද්ධි අංශයේ නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුව සැකකාර ගුවන් හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇත. 

මොහු මත්කුඩු පානය කිරිමට ද දැඩිලෙස ඇබ්බැහිවි ඇති අයෙකි.  මොහු ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු  මිලදිගෙන එවා  පැකට් කොට ජාවාරමේ නිරත අයෙකු බවද පොලිස් පරික්ෂණවලදී අනාවරණය වි ඇත. 

සැකකාර ගුවන්හමුදා සෙබලා2018 දි වර්ෂයේ දි  හමුදාවන් අතර පැවති කිලෝග්‍රැම් 57 බර පංතියේ තරගයේ දි කරාටේ ක්‍රීඩාව සඳහා රන් පද්දකම දිනාගෙන ඇත. 


සැකකරු  හෙට (12)අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සහකාර පොලිස් අධිකාරි ක්‍රිෂාන්ත ලොකුගේ , ගාල්ල වරාය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ලලිත් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත  පොලිස් පරික්ෂක පාලිත උ.පො ප සිල්වා පො සැ 4819 සංජිව යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

Exit mobile version