කරන මරි වැඩ එක පිට එක මාට්ටු… හොර ලෙඩ අරන් අධිකරණය මගහැරිය කෙහෙළියගේ  රෙදි අධිකරණයේ දී ගැලවෙයි…

 අධිකරණයට හොර වෛද්‍ය සහතික දුන් බන්ධනාගාර වෛද්‍යවරයාත් කර මුලින් කොටු!

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලිීන් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාලව දැනට රක්ෂිත බන්ධනාගාරතව සිටිනා  හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පසුගිය නඩුවාරයේ අධිකරණය මගහැරීම සඳහා අධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර  බොරු කර ඇති බව අද අධිකරණයේ දී අනාවරණය වුනේය.

ඒ ව්‍යාජ ඉමියුනොග්ලොබියුලීන් එන්නත් අපරාධය සම්බන්ධ නඩුව අද (29) මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ යලි කැඳවූ අවස්ථාවේ දී ය.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත වෛද්‍ය නිර්දේශ හේතුවෙන් යැයි අධිකරණයට පවසා හිටපු සෞඛ්‍ය ඇමතිවරයා පසුගිය නඩුවාරයෙහි අධිකරණය හමුවේ පෙනී  සිටියේ නැත. එසේ අධිකරණය ඉදිරියේ නොසිටීම පැමිණිලිකාර පාර්ශවයේ සැකයට හේතු වූ අතර ඒ සම්බන්ධව ඔවුහු අධිකරණයේ දී ප්‍රශ්න කර සිටියහ.  මේ හේතුවෙන්   කෙහෙලිය අධිකරණයට නොපැමිණීම සම්බන්ධව විමර්ශනය කර අධිකරණයට  වාර්තාවක්  ඉදිරිපත් කිරීම සඳහා මාලිගාකන්ද අධිකරණය විසින් විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනෙකුගෙන් යුතු විද්වත් කමිටුවක් නිර්දේශ කළේය.

එම කමිටු වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම තමන් එහිදී එම විද්වත් කමිටුවට ප්‍රශ්න කීපයක් යොමු කළ බව පැවසුවාය.


  1. මුල් ප්‍රශ්නය ලෙස විමසා තිබුණේ පසුගිය නඩු වාරයට නොපැමිණීමට තරම් මෙම නඩුවේ 08වන සැකකරුවන කෙහෙළිය රඹුක්වැල්ලගේ  සෞඛ්‍ය තත්ත්වය අයහපත් මට්ටමක පැවතියා ද යන්නය. එහිදී විද්වත් කමිටුව පිළිතුරු දී ඇත්තේ අධිකරණය හමුවේ පෙනී නොසිටීමට තරම් සැකකරුගේ සෞඛ්‍ය අයහපත් නොවූ  බවය.
  2. සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත්   එහිදී විද්වත් කමිටුවෙන් ප්‍රශ්න කර ඇත.  එහිදී ඔවුන් පවසා ඇත්තේ  ශ්වසන අසාත්මිකතාවයක් සහිත රෝගි තත්ත්වයක් පෙන්නුම් කරන බවත් එය එතරම් බරපතල නොවන බවත්ය.ෙ
  3. සැකකරු බන්ධාගාර රෝහලෙන් වෙනත් රෝහලකට මාරුකර ප්‍රතිකාර ලබා දිය යුතුද යන්න තුන්වන ප්‍රශ්නයයි. එහිදී විද්වත් කමිටුව වාර්තා කර තිබුණේ ජාතික රෝහලට මාරු කර ප්‍රතිකාර ලබා දීමට තරම් 8වන සැකකරුගේ රෝගී තත්ත්වය   උත්සන්න මට්ටමක නොමැති බවය.

රජයේ නියෝජය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විසින් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ පසුගිය නඩුවාරයේ කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයේ පෙනී නොසිටීමට අදාලව බන්ධනාගාර වෛද්‍යවරයා විසින් නිකුත් කළ වාර්තාව අසත්‍ය බවය.

ඒ සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

එහිදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලොචනී අබේවික්‍රම විමසා සිටියේ මෙම වෛද්‍යවරයා පත් කර අත්තේ කවුරුන් විසින් ද යන්නය. ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන්  කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම පත්වීම සිදුකර ඇති බවය.

මෙම නඩු විභාගයේ දී ඉතාම වැදගත් ප්‍රකාශයක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම කීවාය. ඒ මෙම නඩුවේ දෙවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහුගේ ශරීර සෞඛ්‍ය ගැන සලකා බලා ඇප ඉල්ලූ අවස්ථාවේ දී ය. මෙම නඩුවේ සැකකරුවන්ට ඇප දිය හැකි ආසන්න දිනයක් හෝ පැවසිය නොහැකි බව ඇය කීවේ නඩුවේ සැකකරුවන් දම්වැලක පුරුක් සේ එකිනෙකා හා බැඳී ඇති බවය. එමෙන්ම තවත් සැකකරුවන් විශාල පිරිසක් මේ අපරාධය හා සම්බන්ධ බවත් ඇය කීවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙහෙළිය රඹුක්වැල්ල  ඇතුළු සැකකරුවන් මාර්තු මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Exit mobile version