කඹුරුපිටිය මූලික රෝහලේ සුව විරුවෝ මගට බසිති

මාතර – සම්පත්

කඹුරුපිටිය මූලික රෝහලේ හෙද නිලධාරින් සේවයෙන් බැහැරව අද 27 විරෝධතාවයක නියැළිණි . පසු ගිය මාස කිහිපය තුළ කොරෝනා වසංගත තත්ත්වය තුළදී හෙද නිලධාරීන් රාජකාරි සිදු කළද ඔවුන්ට හිමි මැයි මාසයේ අතිකාල දීමනා ලබා නොදීමට එරෙහිව මෙම විරෝධතාවය සහ ⁣ඊයේ පෙරවරුවේ සිට සේවයෙන් බැහැරවීම සිදුකලේය . මේ සඳහා කඹුරුපිටිය මූලික රෝහලේ හෙද නිලධාරීන් විරෝධතාවයට එක් විය.

හෙද නිලධාරීන් පවසන්නේ සුව විරුවන් ලෙස තමන් පසුගිය කොරෝනා සමයේ ඇගයීමට ලක් කළද නමුත් තමන්ට හිමිවිය යුතු මැයි මාසයේ අතිකාල දීමනාව රජයෙන් කපා හැරීමට එරෙහිව මෙම විරෝධතාව සිදු කරන බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ අදහස් දැක්වූ කඹුරුපිටිය හෙද නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වන ඉන්දික සාන්ත විජේසිංහ “අද (27) දිනයේ සුව විරුවෝ මහ පාරේ… අද කඹුරුපිටියේ හෙද සේවය මහපාරට එන්න සැලැස්වීම ගැන පරිපාලනය වග කියන්න ඕන. අපිට හිමි අතිකාල දීමනා ඉල්ලා අපි පසුගිය ජුනි මාසයේ 15 දින විරෝධතාවක් පැවැත් වූවා. එම විරෝධතාවය නිසා අපිට අප්‍රේල් මාසයේ ලැබුණු අතිකාල දීමනා ද නැවත පරික්ෂා කර කපා දමා නැවත අයකරගන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම කඔුරුපිටිය රෝහලේ පාලිකාවන් දෙදෙනෙකුගේ අන්තනෝමතික ක්‍රියා නිසා තමයි මේ විදියට හෙද නිලධාරීන්ට මහ පාරට බහින්න වෙලා තියෙන්නේ. මේ ගැන ජනාධිපතිතුමා මැදිහත් වෙලා මෙම ප්‍රශ්නය විසඳුමක් ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.“

 

Exit mobile version