කම්කරුවන්ට ඩොලර් 20,000ක් දෙන කතාව බොරුවක්

කම්කරු දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙත් whatsapp, viber යන සමාජ ජාල තුළිනුත් දින කිහිපයක සිට සංසරණය වන ව්‍යාජ දැන්වීමක් මගින් ජනතාවට අසත්‍ය තොරතුරක් සන්නිවේදනය කිරීමට කිසියම් පිරිසක් විසින් කටයුතු කර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි .

මෙම අසත්‍ය තොරතුරු මගින් කියවෙන්නේ 1990 – 2020 දක්වා කාලය තුළ සේවය කළ කම්කරුවන් වෙත ඩොලර් 20,000 ප්‍රතිලාභයක් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම මගින් ලබා ගැනීමට හැකියාව ඇති බවටය.

සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ ප්‍රශ්ණාවලියක් ද කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ලෙස පෙන්නුම් කරන දැන්වීමක් මගින් ව්‍යාජ ලෙස දක්වා ඇත.


මෙම ප්‍රශ්ණාවලිය අනුව මහජනයාගෙන් තොරතුරු ලබාගෙන එම තොරතුරු අනුව කම්කරු දෙපාර්තමේන්තුව මගින් මුදල් ලබාදීමට කටයුතු කරන බව හඟවා ජනතාව රැවටීමේ හා මුදල් ලබා ගැනීමෙන් හෝ රජය අපකීර්තියට පත්කිරීමේ අරමුණින් මෙම දැන්වීම පළ කර ඇති බව පෙනී යන්නේ යැයි කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම දැන්වීමේ සම්බන්ධතාවයන් ලෙස දක්වා ඇති වෙබ් අඩවි යෙදුම ද දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය ලෙස හැඟෙන අයුරින් සකස්කළ ව්‍යාජ එකක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

Exit mobile version