කඳුළු ගෑස් ගහන්න එපා – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

tear gas

සාමකාමී විරෝධතාකරුවන්ට හා සෙසු පුරවැසියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කඳුළු ගෑස්වල අඩංගු වෙන රසායනික ද්‍රව්‍ය නිසා ශ්වසන රෝග ඇතිවීම ඇස් හා සමේ රෝග ඇති වීම ඇතුළු සෞඛ්‍ය ගැටලු ඇතිවන බව තමන් හොඳින් දන්නා බවත් වෛද්‍ය වෘත්තිකයින් ලෙස රජය කළ යුතු දේ සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කරමින් මෙම නිවේදනය නිකුත් කරන බවත් එහි සඳහන්ව ඇත.

රජය හදිසි නීතිය නිවේදනය කිරීම සම්බන්ධයෙන් සිය සංගමය විශේෂ අවධානයක් යොමු කරන බව ද ඔවුන් සඳහන් කර තිබේ. එමඟින් රටේ අස්ථාවරත්වය හා ප්‍රචණ්ඩකාරීත්වය වැඩි වීමට ඉඩ ඇති බවත් මෙරට අහිංසක පුරවැසියන්ට සේම ආරක්ෂක අංශ සාමාජිකයින්ට ද තුවාල හා හානි සිදුවෙන බවත් ඔවුන් පෙන්වා දෙයි. එවන් සිදුවීමක් ආපසු හැරවිය නොහැකි බැවින් හදිසි නීතිය ඉවත් කර ගන්නා ලෙස ඔවුහු රජයට බල කර සිටියහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේශපාලන අස්ථාරවත්වයන් විසඳාගෙන රට ආපසු සාමාන්‍යකරණය කරන ලෙසටත් මහජනතාවට ඇහුම්කන් දී ආදරණීය මාතෘභූමියේ සුබ සිද්ධිය උදෙසා කඩිනම් විසඳුමක් සොයන ලෙසටත් ඔවුන් නිවේදනයේ සඳහන් කර තිබිණි.

Exit mobile version