කප්පම් ලබා නොදීමේ සිද්ධියක් මුල් කරගෙන කඳාන පියෝ මාවතේ පිහිටි නිවසකට පසුගිය අගෝස්තු මස 04 වැනි දින , ටී-56 වර්ගයේ අවියකින් වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් 43 හැවිරිදි පුද්ගලයෙක් සහ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් හා අවිආයුධ සඟවා තබා අපරාධයට එක් වූ 32 හැවිරිදි කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඳාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කාන්තාව ගම්පහ පොලිස් වසමේ උඩුගම්පල වතුමුල්ල ප්රදේශයේ පදිංචිව සිටින තැනැත්තියකි. 43න් හැවිරිදි පුද්ගලයා කඳාන පොලිස් වසමේ අංක ලන්සියාහේන, දොම්පෙ පදංචිකරුවෙකි.
මෙම පුද්ගලයා සමග 7.62X39mm වර්ගයේ ජීව 56 ක් හා 7.62X54mm වර්ගයේ ජීව උණ්ඩ 01 ක් අත් අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය පිළිබඳ කඳාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මෙම වෙඩි තැබීමට සම්බන්ධ වූ වෙඩික්කරු පොලිසිය සමග කළ පොරබැදීමක දී වෙඩි පහරට ලක්ව මීට සති කීපයකට පෙර මිය ගියේය.
මෙම කප්පම් ඉල්ලීම සිදුකර තිබුණේ ඩුබායි හි සිටිමින් මෙරට කප්පම් ජාලය මෙහෙයවන පාතාල අපරාධකරුවෙක් විසිනි.