කන්දඋඩරට පත්තිනි දේවාලයේ නව බස්නායක නිලමේ තෝරා ගැනේ

කන්ද උඩරට සතර මහා දේවාලයෙන් එකක් වූ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වුණු ඡන්ද විමසීමෙන් හිටපු බස්නායක නිලමේ   හේමන්ත බණ්ඩාර තේරී පත් වී තිබේ. ඔහු ප්‍රකාශිත චන්ද 27න් 16ක් හිමි කරගෙන වැඩි චන්ද පහකින් තේරී පත් වී තිබේ.

චිරාගත සම්ප්‍රදායනුකූලව දළදා මාළිගාවේ ගිහි භාරකරත්වය දියවඩන නිලමේවරයා වෙත පැවරුනේ කන්ද උඩරට රාජධානිය පුරා විසිරුණු ආගමික ප්‍රභූන්ගේ කැමැත්ත හා ආශීර්වාදය ප්‍රකාරවය.

එහෙත් කන්දඋඩරට සතර මහා දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා පත් කරගනු ලැබුවේ සෙංකඩගල පුරයේ ප්‍රධාන බස්නායක නිලමේවරු දිසාවේවරු හා ආගමික ස්ථානවල ගිහි භාරකාරත්වයේ බහුතර කැමැත්ත ප්‍රකාරවය. එම තෝරා ගැනීම සිදුවූයේ වහනරන විට තිගැස්සෙන ගාම්භීර ස්වරූපයකින් යුතුව පැවැත්වූ මහා සභා රැස්වීමකිනි. හින්දු සංස්කෘතික මූලයන්ගෙන් විකාශනය වන  ඒ සම්ප්‍රදායික පිිළිවෙත සඳහා සහභාගී වූයේ පිරිමි පාර්ශවය පමණි.


මේ වනවිටත් සංස්කරණ සහිතව ඒ සම්ප්‍රදායික පිළිවෙත් රක්ෂා වී ඇත. දිසාවේවරුන් වෙනුවට සෙංකඩගල ආවරණය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු ඡන්දය සඳහා සුදුසුකම් ලබති. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශී ලේකම්වරු 20 දෙනෙක් වෙති. ඉන් 11 දෙනෙක් කාන්තාවන්ය. මෙම අවස්ථාවේදී චන්දය ප්‍රකාශ කාන්තා ප්‍රාදෙශීය ලේකම්වරුන්ට ඉඩ ලැබෙන්නේන නැත.

ඒ අනුව බස්නායක නිලමේවරු 13 දෙනෙක් ප්‍රාදේශීය ලේකම්වරු 9 දෙනෙක් ඒ අවස්ථාව සඳහා පැමිණෙන ගිහි භාරකාරත්වයේ ඡන්දයෙන් පත්තිනි දේවාලයේ බස්නායක නිලමේවරයා පත් වේ.

පසුගිය වසර 05ක කාලය තුළ පත්තිනි දේවාලයේ දියවඩන නිලමේවරයා වූයේ හේමන්ත බණ්ඩාරය. ඔහු ප්‍රසාදපූර්ණව සිය රාජකාරිය කළ බව පැවසේ. මෙවර ඔහු හා මෙම නිලයට තරග කළේ ඉළම ආගමික මධ්‍යස්ථානයන්හි ඉහලම ගිහි භාරකාරත්වයේ බලය ද සහිතව මහනුවර හිටපු දිසාපතිවරයෙකි. ඔහු ගාමිණි සෙනවිරත්නය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගාමිණී සෙනවිරත්න වර්ෂ 2010 -2015 කාලය තුළ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළේය. 2010ට පෙර ඔහු මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයාය. 2015 මහනුවරින් කෑගල්ල දිස්ත්‍රික් ලේකවරයා ලෙස පත් වූ ගාමිණී සෙනවිරත්න ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියේය.

Exit mobile version