කතෝලික අගරදගුරු සම්මේලනය රැස්කළ මන්ත්‍රී හමුවේ දී ඤාණසාර හිමිගේ නව පත්කිරීමට විරෝධය!

දෙරණ –

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු කතෝලික මන්ත්‍රීවරුන් අද (29) විශේෂ හමුවකට කැඳවා තිබුණි.

ඒ රටේ මේ වනවිට උද්ගතවී ඇති ගැටලු කිහිපයක් ගැන සාකච්ඡා කිරීම සඳහා ය.

‘එක් රටක් එක් නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපතීත්වයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ පත්කිරීම එහිදී දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබේ.


ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සහ පාර්ලිමේන්තුවේ කතෝලික මන්ත්‍රීවරුන් අතර මෙම විශේෂ හමුව අද පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ 08 පිහිටි එම සම්මේලනයේ නිල නිවසේදීය.

එම සම්මේලනයේ සභාපති   වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවට කොළඹ අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද සහභාගී වී තිබුණි.

එමෙන්ම මෙරට සියලු සෙසු පදවි නියෝජනය කරන රදගුරුවරුන් ද ඊට එක්විය

එම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා  “පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටුකිරීමට පරීක්ෂණ කඩිනම් කර නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා.”

ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්   “ඥානසාර හිමිගේ පත්කිරීම ගැන අපේ විරෝධය පළ කළා.”

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා,

“ඥානසාර හිමි මේ තනතුරට පත්කිරීමට උන්වහන්සේගේ නීතිමය පසුබිම අපි ප්‍රශ්න කරනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කතෝලික සභාව නියෝජනය කරන පියතුමෙක්” සිවිල් ක්‍රියාකාරීන් ඇතුළත් නොකළේ ඇයි?”

Exit mobile version