කතරගම පාද යාත්‍රාවේ යෙදුන බැතිමතෙක් අතරමග මිය යයි!

දිනසේන රතුගමගේ –

යාපනයේ සිට පාද යාත්‍රාවකින්    කතරගම දක්වා ගමන් කරමින් සිටි බැතිමතුන්ගෙන් එක් අයෙකු මඩකලපුව මාමංගේස්වර් කෝවිලේ නවාතැන් ගෙන සිටියදී ඊයේ (29) දා මියගොස් ඇත.

යාපනය, කයිතඩි ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි රාජයියා සිවලිංගම් නැමති මෙම බැතිමතා රාත්‍රි කාලයේ නිදාගෙන පසුදා අවදි වී සිටියදී එක්වරම ක්ලාන්ත වී බිම ඇද වැටී තිබේ.

ඔහු බිම ඇද වැටීමත් සමගම මියගොස් තිබේ.

යාපනයේ සන්නිදි මුරුගන් කෝවිලෙන් 108 දෙනෙකුගෙන්  සමන්විත මේ පිරිස ගමන්  අරඹන ලද්දේ මැයි මස 6 වෙනිදා වන අතර එතෙක් ගමන් කළ පාද යාත්‍රාවේදී මියගිය රාජයියා සිවලිංගම්     යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසු වූ බව සෙසු පිරිස පොලීසියට ප්‍රකාශ කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය අයගේ මෘත දේහය පරීක්ෂණ කටයුතු සඳහා මඩකලපුව රෝහලට බාර දී ඇති අතර මඩකලපුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version