කඩුගත් මැරයෝ මහ දවල් ගල්කිසේ වෙළෙඳසලක් කොල්ලකති…. ( වීඩියෝ සහිතයි) 

කඩු රැගෙන පැමිණි මැරයින් දෙදෙනෙක් ඊයේ (02)  මහ දවල් ගල්කිස්ස පීරිස් පාරේ  එළවළු සහ ආහාරද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසලක් කොල්ල කන බිහිසුණු  ආකාරය සීසීටීවී දර්ශනවල පටිගත වී තිබේ.

කඩු ගත් කොල්ලකරුවන් දෙදෙනා මුදල් අයකැමි ලෙස සිටින 41 හැවිරිදි  වෙළෙඳසල් හිමිකරුගේ ගෙලට  කඩුවෙන් කොටන්නට උත්සාහ කරමින් ඔහුගේ ගෙල බැඳි රන් මාලය, අත් පළඳනාව ඇතුළු පවුම් 28කට වැඩි රන් භාණ්ඩ සහ අය කැමි මේසයේ තිබූ  රුපියල් ලක්ෂ දෙකක මුදලක් කොල්ල කා ඇත.

අයකැමිගේ ගෙලට කඩුවෙන් කොටන්නට හදන ආකාරය, ඔහුගේ රන් භාණ්ඩ කොල්ලකන ආකාරය, මුදල් කොල්ලකන ආකාරය ඇතුළු  මේ සියලුම සිද්ධි  පටිගත වී තිබේ. කොල්ල කෑ  වත්කම් ප්‍රමාණය රුපියල් ලක්ෂ 60 ඉක්මවන බව වාර්තා වේ.

මෙම කොල්ලය සිදුවන අවස්ථාවේ දී කඩයේ සේවකයින් 08 දෙනෙක් පමණ සේවය කරමින් සිට ඇත. කඩු සහිත මැරයින් වෙත ඔවුන් කිසිවෙක් ලඟා වන්නේ නැත.


කොල්ලකරුවන්  ත්‍රීවිල් රථයකින් පැමිණ මෙම කොල්ලය සිදුකර  පලාගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Exit mobile version